අමාත්‍යාංශය

2020 නොවැම්බර් මස 20 දිනැති අංක : 2202/25 දරණ
ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් පිලිබඳ ගැසට් නිවේදනය


01.විෂයපථය

      ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප‍්‍රමුඛව ශ‍්‍රී ලංකාව ඒකීය ස්වෛරී රාජ්‍යයක් ලෙස ජනතා අභිලාෂයන් සුරක්ෂිත ලෙස තහවුරු කිරීම

02.කාර්යයන් හා කර්තව්‍යයන්

1.     "සෞභාග්‍යයේ දැක්ම" ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික ප‍්‍රතිපත්තීන් මත පිහිටා "සුරක්ෂිත රටක්" ඇති කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව ආරක්ෂක විෂයයට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප‍්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක‍්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.

2.     ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

3.  රටේ හමුදාමය ආරක්ෂාව මෙන්ම රාජතාන්ත‍්‍රික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව ද සහතික කරන අතර අපරාධ, මත්ද්‍රව්‍ය, මුදල් විශුද්ධිකරණය සහ දූෂණයෙන් රට මුදවා තබා ගැනීමට අවශ්‍ය සියළු කාර්යයන් ඉටු කිරීම.

4.   රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක‍්‍රියාවලීන් මෙන්ම දෙස් විදෙස් ආයෝජන අවස්ථා පුළුල් කරන ආරක්ෂිත පරිසරයක් රට තුළ ඇති කිරීම.

03.සුවිශේෂී ප‍්‍රමුඛතා

1.    අභ්‍යන්තර කැරලි, ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩපැවැත්වීම හා බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීම.

2.    මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී භාණ්ඩ හා සේවා ජාවාරම් වලක්වාලීම.

3.    මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් රටක් ඇති කිරීම සඳහා මත්ද්‍රව්‍ය මෙරටට ඇතුළු වීම වැළැක්වීම, මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම වැළැක්වීම හා මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවූවන් පුනරුත්ථාපනය සඳහා අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඒකාබද්ධව කටයුතු කිරීම.

04.අදාළ ආයතනික හා නෛතික රාමුව

දෙපාර්තමේන්තු,ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා
ක‍්‍රියාත්මක කළයුතු නීති සහ අණ පනත්

1.     ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලය

2.     ශ‍්‍රී ලංකා යුද හමුදාව

3.     ශ‍්‍රී ලංකා නාවික හමුදාව

4.     ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව

5.     රාජ්‍ය බුද්ධි සේවාව

6.     ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව

7.     සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

8.     ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය

9.     ජාතික ශිෂ්‍යභට බලකාය

10.  මිලෝදා ආයතනය (ACADEMY OF FINANCIAL STUDIES) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් ලෙස

11. සිවිල් ආරක්‍ෂක දෙපාරතමේන්තුව

12. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත (2009 අංක 35)

යුධ හමුදා පනත (1949 අංක 17)

නාවික හමුදා පනත (1950 අංක 34)

ගුවන් හමුදා පනත (1949 අංක 41)

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු පනත (2009 අංක 41)

උදර්පණ නීතිය (1977 අංක 8)

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පනත (2008 අංක 5)

පුපුරණ ද්‍රව්‍ය පනත (1956 අංක 21)

ගිනි අවි ආඥා පනත (1916 අංක 33)

වෙඩිපිටි සහ යුධ හමුදා පුහුණුවීමේ පනත (1951 අංක 24)

උපයෝගිතා හා පරිපූරක පනත (1985 අංක 40)

පීඩාකාරී අවි පනත (1966 අංක 18)

මුහුදු කොල්ලකෑම් පනත (2001 අංක 9)

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (1979 අංක 48)

මහජන ආරක්ෂක ආඥා පනත (1947 අංක 25)

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත (1981 අංක 68)

ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාර මැඩපැවැත්වීමේ පනත (1999 අංක 11)

සමුද්‍රීය සංතරණයේ ආරක්ෂාවට එරෙහිව සිදුකරනු ලබන නීති විරෝධි ක‍්‍රියා මැඩපැවැත්වීමේ පනත (2000 අංක 42)