පොලිසිය පිළිබඳ මහජන පැමිණිලිවලට විසඳුම් සෙවීම සහ පොලිස් නිලධාරීන්ගේ පවතින පරිපාලනමය ගැටළු සහ එම ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනවාරි 29 වන දින බත්තරමුල්ල සුහුරුපායේදී පොලිස් දුක්ගැනවිලි දිනය පැවැත්වේ.
ජනවාරී 21, 2020
ආරක්ෂාව සබැදි පුවත් වඩාත් ඵලදායී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක මාධ්‍ය ඒකකයන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරයි.
දෙසැම්බර් 05, 2019
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.
නොවැම්බර් 08, 2019
ඇෆ්ගනිස්ථාන තානාපති අතිගරු එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා අද (නොවැම්බර් 05) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා හමුවිය.
නොවැම්බර් 05, 2019
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන වාර්ෂික අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය “ගාලු කථීකාව 2019” අද දින (ඔක්තෝබර් 21) කොළඹදී ආරම්භ විය.
ඔක්තෝම්බර් 21, 2019
චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
ඔක්තෝම්බර් 10, 2019
ජාතික ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ලෙස ජනගත කිරීම ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී සිදුවිය. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක නවයක දීර්ඝ ඉතිහාසය තුල සිදු වූ අති විශේෂ වූ සිදුවීමකි.
සැප්තැම්බර් 06, 2019
ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි (Major General Craig Furini) මහතා ඇතුළු ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත කණ්ඩායමක් පුද්ගල ජාවාරම් සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා සැප්තැම්බර් 03 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය
සැප්තැම්බර් 04, 2019
නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
සැප්තැම්බර් 03, 2019
මල්වාන සහ දොම්පේ අතර මාර්ගය හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ නමින් "ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත" ලෙස නම් කර ඇත.
අගෝස්තු 25, 2019
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර ආරක්ෂක සහයෝගිතා සහ හුවමාරුව පිළිබද අවබෝධතා ගිවිසුමක් අද (ජූලි 26) දින අත්සන් තැබුණි.
ජුලි 26, 2019
ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව (SLCG) විසින් සංවිධානය කරන ලද 15 වන ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ - ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම (WLM) අද (ජූලි 09) දින කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.
ජුලි 09, 2019
ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික අන්තර් පළාත් ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (ජූනි 06) ආරම්භ විය. ආරම්භක උත්සවය ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජුලි 07, 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජුනි 12, 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලද පී 626 දරන විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව, ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සුරතින් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස ඊයේ (ජූනි 06) දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණි.
ජුනි 07, 2019
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගිය අඟහරුවාදා (ජූනි 04) දින විවෘත කරන ලදී.
ජුනි 06, 2019
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ ආරක්ෂක කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් ආර් ක්ලාක් කූපර් (Mr. R Clarke Cooper) මහතා අද (ජූනි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජුනි 03, 2019
අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.
අප්‍රේල් 21, 2019
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
අප්‍රේල් 11, 2019
අද (අප්‍රේල් 03) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹ වරායට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ සංචාරයක නිරත විය. මෙම නෞකාව ඊයේ (අප්‍රේල් 02) දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
අප්‍රේල් 03, 2019
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටර්රි (HE Mr. Yuri Materiy) මහතා අද (මාර්තු 28) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මාර්තු 28, 2019
ඩුබායි හා අබුඩාබිහිදි පසුගිය දා පැවති විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරිමේ උත්සවයක් සදුදා (මාර්තු 25) දින ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මාර්තු 27, 2019
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ (SLCOMM) තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සිකුරාදා (මාර්තු 22) දින අත්තිඩිය ඊගල් උත්සව ශාලාවේදී ආරම්භ විය. මෙහි සමාරම්භක උත්සවය ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාර්තු 24, 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බළකාය අතර පැවති ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව අද (පෙබරවාරි 15) දින සාර්ථකව අවසන් විය. කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවතී මෙම සාකච්ඡාවේ සමාප්ති දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහාභාගී විය.
පෙබරවාරි 15, 2019
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මැතිතුමිය අද (පෙබරවාරි 15) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
පෙබරවාරි 15, 2019
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ දේහයන් සඳුදා (පෙබරවාරි 04) දින දිවයිනට ගෙනෙන ලදී.
පෙබරවාරි 05, 2019
ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
පෙබරවාරි 04, 2019
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) දින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කරන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතා සහභාගි විය.
ජනවාරී 26, 2019
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (. Mr. Akira Sugiyama) මැතිතුමන් අද (ජනවාරි 25) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජනවාරී 25, 2019
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩාව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් අද (ජනවාරි 16) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජනවාරී 16, 2019
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 04) දින ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
ජනවාරී 04, 2019
2019 නව වසර ආරම්භය සනිටුහන් කරමින් අද (ජන:01) දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී චාම් උත්සවයක් පැවැත්විණි. ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
ජනවාරී 01, 2019
SInhala.
ඔක්තෝම්බර් 19, 2018
මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්රදානය ආරක්ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.
මැයි 10, 2017