ආරක්ෂක ලේකම් පුවත්
‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ නිවාස සිහින සැබෑ වේ
ජාතියට කළ දැවැන්ත සේවය අගය කරමින් යුද හමුදා රණවිරුවන් දෙදෙනෙකු වෙත 'අපි වෙනුවෙන් අපි' අරමුදල සහ යුධ හමුදා ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අද (මාර්තු 20) දින මාතර වැවහමන්දූව ප්‍රදේශයේදී හි පැවති උත්සවයකදී භාර දෙන ලදි.
‘සඳහිරු සෑය’ සඳහා නිධන් වස්තු භාර ගැනේ
නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.
නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී - ආරක්‍ෂක ලේකම්
මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 17) පැවසීය.
සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව
සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසා සිටී.
සිවිල් අංශ හා හමුදාවන් අතර සබැඳියාව අධ්‍යාපනය තුලින් වර්ධනය කිරීමෙන් රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත - ආරක්ෂක ලේකම්
මානව ගරුත්වය, අවංකභාවය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය, තිරසාර සංවර්ධනය, ආර්ථික සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සමාන අවස්ථාවන් ලබාදීම යන ආරක්ෂාව සහ සංවර්ධනයේ මූලික සාරධර්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් උගත හැකි බව අප සැමවිටම මතක තබා ගත යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 10) දින ප්‍රකාශ කළේය.
ආනන්ද විද්‍යාලීය ලියෝ සංගමයෙන් මුව ආවරණ 10,000 ක්
කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් මුව ආවරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 8) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදි.
සමාජ මාධ්‍ය තුලින් කාන්තා ප්‍රතිරූපයට හානිකරන අය සඳහා ක්‍රියාමාර්ග - ආරක්ෂක ලේකම්
"අභිමන්ලිය" ගීතය එළිදැක්වේ