සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

බංග්ලාදේශ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවතමයෙන් පත් වූ බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුස්සමන් අද (දෙසැ. 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙහි නික්ම යන ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිමකර නික්ම යන ආරක්‍ෂක උපදේශක, Captain Ian Cain අද (දෙසැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මැතිතුමා අද (දෙසැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දේශසීමා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ ආරක්‍ෂක ලේකම්වරයා සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා ප්‍රමුඛ දූත පිරිසක් අද (දෙසැ 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී සුහද කතාබහක නිරත විය.


සිදුවීම් | සිදුවීම්

‘ශ්‍රී ලංකාව උසස් තලයක් දක්වා සුභවාදී ඉදිරි ගමනක’ – ආරක්‍ෂක ලේකම්

‘ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා අපගේ ත්‍රිවිධ හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට ඉතිහාසයේ දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදු කල සටනේදී, සාර්ථක හමුදා නායකත්වයන් මෙන්ම ඇතැම් අවස්ථා වලදී යුධ පිටියේ දුර්වල වූ අවස්ථාවන් පිළිබඳව ද අප අත්දැකීම් ලබා ඇත.'


සිදුවීම් | සිදුවීම්

මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ සරීම් අසීස් මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (දෙසැ. 07) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් සිදු කරන
ප්‍රජා ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක මෙහෙයුම් සඳහා අනුගත වෙමින් 4 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් යාපනයේ පිහිටි සිය කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ජාත්‍යන්තර රතු කුරුස නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී Severine Chappaz මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (දෙසැ. 05) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් යථා තත්ත්වයට

අධික වර්ෂාපතනය හේතුවෙන් ඔහිය දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 22) දින අලුයම බාධා එල්ලවිය.


සිදුවීම් | සිදුවීම්

රණවිරු දත්ත පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කෙරේ

රණවිරු සේවා අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විවිධ ව්‍යාපෘතීන් වලට අදාල දත්ත එකම අවකාශයක මධ්‍යම දත්ත ගොනුවක් ලෙස නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැ 15) රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (නොවැ. 14) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් දකුණු අප්‍රිකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද (නොවැ 10) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම්
අණදෙන නිලධාරි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි රියර් අද්මිරාල් ජෙරමි බී විලියම්ස් අද (නොවැ. 09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

යුධ හමුදාව තඹලගමුව ප්‍රදේශයේ පවුලකට නව නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් තඹලගමුව ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවස පසුගියදා සංවිධානය කරන ලද චාම් උත්සවයකදි චිත්‍රා වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා පවුල වෙත පවරා දෙනු ලැබිය.

 


සිදුවීම් | සිදුවීම්

33 වන අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර 33 වැනි වරට පැවැත් වූ වාර් ෂික අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීම 2023, පසුගිය සිකුරාදා (නොවැ. 03) දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර් ථකව පවත්වන ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


සිදුවීම් | සිදුවීම්

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසුවියගෙන් විශිෂ්ට පිහිනුම් දස්කම්

පසුගියදා පැවැති සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලියේදී වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 පසුපස ආර ඉසව්ව විනාඩි 2:45:69 කින් නිම කර නව වාර්තාවක් පිහිටුවීමට කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ බුද්ධිමා සමාධි දම්සරණී සේනාරත්න ශිෂ්‍යාව සමත් විය.


සිදුවීම් | සිදුවීම්

ඇමෙරිකානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජූලි චන්ග් මැතිණිය පසුගිය සිකුරාදා (ඔක් 27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා අඟහරුවාදා දින (ඔක්. 24) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ව ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


සිදුවීම් | සිදුවීම්

2023 ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ අනුශූරතාව
කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට

ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානය - රන්ටැඹේ වෙතින් 2023 වර්ෂයේ පවත්වන ලද සමස්ත ලංකා ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ බාලක අනුශූරතාවය කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩායම විසින් පසුගියදා දිනා ගන්නා ලදි.


සිදුවීම් | සිදුවීම්

අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෛද්‍ය කඳවුරේදී ලේ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍ය කඳවුරේ දෙවන අදියර අද (ඔක් 19) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ 771 වන නව නිවස නිවාසලාභී පවුල වෙත පවරා දෙයි

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘Imagine Compassion International Ltd’ ආයතනය වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උරුම්පිරායි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය. නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ 771 වන නිවස ලෙස මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.


සිදුවීම් | සිදුවීම්

අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම පිළිබඳ සාකච්ජාවක්
කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.


සිදුවීම් | සිදුවීම්

කටාන විශ්‍රාමික රණවිරු නිවාසයේ යුධ විරුවන්ගේ සුබසාධනය පිළිබඳ
රාජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක් 05) කටාන, බෝලගල විශ්‍රාමික යුධ ප්‍රවීණයන්ගේ නිවහන වෙත පැමිණියේය.


සිදුවීම් | සිදුවීම්

කොරියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මැතිනිය අද (ඔක්. 5) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන කමාන්ඩෝ විරුවෙකුට
කෘතීම පාදයක් ලබා දෙයි

වැලිඹය ප්‍රදේශයේ අකුණු පහර ක්‍රියාන්විතයේදි ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දකුණු පාදය අහිමි වී රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වන සැරයන් මේජර් ආර්.පී.සී. ධර්මප්‍රිය වෙත කෘතීම පාදයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද (ඔක් 04) පරිත්‍යාග කරන ලදි.