සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රීටා ජුලියානා මැනෙලා (Rita Giuliana Mannella) මැතිනිය අද (මාර්තු 15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සහ නාවික හමුදා නිලධාරීන් සඳහා ප්‍රති නැව්
පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක පාඨමාලාවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පිළිබද උපදේශක’ පාඨමාලාව සාර්ථකව හදාරන ලද නිලධාරීන් හට සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා (මාර්තු 10) සිදු කෙරිණි.


සිදුවීම් | සිදුවීම්

වඩමාරච්චි සිසුන් සහ ගම්වාසීන් සඳහා යුද හමුදාවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක්

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අලියාවලෙයි ලංකා පල්ලිය දෙමළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ට සහ වඩමාරච්චි නැඟෙනහිර ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගියදා ස්ථාපනය කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකයින් යුධ හමුදාපතිගේ ප්‍රශංසාවට

ජාතික ශිෂ්‍යභට බලකායේ පසුගියදා පැවති ජනාධිපති හා බළකා වර්ණ ප්‍රදානෝත්සවයේදී සරඹ උපදේශකවරුන්ගේ  විශිෂ්ට දායකත්වය අගයමින් ත්‍රිවිධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් වෙත යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ඊයේ (මාර්තු 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.


සිදුවීම් | සිදුවීම්

නෙදර්ලන්ත තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන අතිගරු බොනී හොබැච් (Bonnie Horbach) මැතිනිය අද (මාර්තු 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

2023 ගුවන් හමුදා පාපැදි සවාරිය, දෙවන දිනයට පිවිසෙයි

වාර්ෂිකව පවත්වනු ලබන, ගුවන් හමුදා පාපැදි සවාරිය බදාදා (මාර්තු 03) උදෑසන කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරම්භක සංඥාවෙන් අනතුරුව ආරම්භ විය.


සිදුවීම් | සිදුවීම්

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද නව රුසියානු තානාපති අතිගරු  Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 01)දින ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව සම්පාදනය කරන ලද “ඉන්දු-ශාන්තිකර කලාපයට පොදු දැක්මක්” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදි.

 


සිදුවීම් | සිදුවීම්

යුද හමුදා භට පිරිස් වැලිගම වෙරළ තීරය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 613 පාබල බලසේනාව යටතේ ඇති 3 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් පසුගියදා වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, වෙඩිතලතිව් නාවික හමුදා කඳවුරේ නාවික මෙහෙයුම් කාර්යක්‍ෂමතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව ජැටියක් ඉදිකර එය අද (පෙබ 26) විවෘත කරන ලදි.

 


සිදුවීම් | සිදුවීම්

නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල
විශේෂ මෝටර් රථ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.


සිදුවීම් | සිදුවීම්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බීජ වර්ග නිපදවා ගන්නා ආකාරය පිළිබඳ වැඩසටහනක් පවත්වයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතී සඳහා අවශ්‍ය කරනු ලබන බීජ වර්ග දෙපාර්තමේන්තුව තුළම නිපදවා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සඳහා තෙදිනක වැඩමුළුවක් මෑතකදී මහඉලුප්පල්ලම සේවා සංරක්‍ෂණ අභ්‍යාස ආයතනයේ දී පවත්වන ලදි.


සිදුවීම් | සිදුවීම්

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන කාර්ය මණ්ඩලය සඳහා
නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහනක්

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතන  කාර්ය මණ්ඩල සාමාජිකයින් හට නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය වන අපේක්ෂිත දැනුම ලබා දීම සඳහා   නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහනක් (පෙබ 17) වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් ආර්එස්පී විසින් පවත්වන ලදී. ඔහුගේ දේශනය අතරතුර, චරිතය, කැපවීම, ධෛර්යය, විශ්වාසය සහ සන්නිවේදනය යන ප්‍රධාන නායකත්ව ලක්ෂණ පහක් ඵලදායි නායකත්වයේ පදනම ලෙස සැලකෙන වන බව ඔහු අවධාරණය කළේය.


සිදුවීම් | සිදුවීම්

74 වැනි ජාතික මල්ලවපොර කාන්තා ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා‍ගනී

කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් සමත්වූහ.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව මල්ලවපොර ශූරතාව දිනා ගනී

කොළඹදී පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලියේ අඛණ්ඩව 20 වැනි වරටත් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ වූ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.


සිදුවීම් | සිදුවීම්

බදුල්ලේ ගින්න ගුවන් හමුදාව නිවා දමයි

කන්දෙපුහුල්පොල වනාන්තර ප්‍රදේශයේ හටගත් මහා පරිමාණ ලැව්ගින්නක් පසුගියදා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.


සිදුවීම් | සිදුවීම්

අගමැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ යුද ස්මාරකය විවෘත කරයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ (පෙබ 17) විවෘත කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 17) බත්තරමුල්ල සුහුරුපාය සංකීර්ණයේ පිහිටි රක්නා ආරක්‍ෂක ලංකා සමාගමෙහි සංචාරයක නිරතව එහි ප්‍රගතිය සමාලෝචනය කළේය.


සිදුවීම් | සිදුවීම්

එක්සත් ජනපද සහකාර ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය ඇමති
සහ ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් ජෙඩිඩිය පී රොයල් (Jedidiah P Royal) ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ. 16) අවස්ථා දෙකකදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

අසරණ අයවළුන්ට යුද හමුදාවෙන් උපකාර

උතුරු පළාතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ සිසුන් පිරිසකට නව සපත්තු පිරිනැමීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පසුගියදා (පෙබ 05) පවත්වන ලදි. 68 වන සේනාංකයට අයත් 682 පාබල බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් වල මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය පැවසීය.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයන පීඨයට
විද්‍යුත් පුස්තකාලයක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා උපාධි අධ්‍යයන පීඨ පරිශ්‍රයේ විද්‍යුත් පුස්තකාලයක් (e-Library) ආරම්භ කරන ලදි.

 


සිදුවීම් | සිදුවීම්

තුර්කි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව වන සඳහා තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් අද (පෙබ 3)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නේපාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාවේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රාම් චන්ද්‍ර කට්රි අද (පෙබ 3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

අයිවරි කෝස්ට් තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

අයිවරි කෝස්ට් තානාපති අතිගරු Eric Camille N'dry මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ 03) කොළඹ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආහාර සුරක්‍ෂිතතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා වැදගත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

අද ශ්‍රී ලංකා රජය අප රටේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර එහිදී  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා තීරණාත්මක බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.