නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු
සිය රාජකාරි ඇරඹීමට පෙර සම්ප්‍රදායික අවුරුදු තේ මේසයට එක්වෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ බැඳී පවතින සම්ප්‍රදායන්ට අප රටේ සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර, කාර්යබහුල මෙන්ම වගකීම් සහගත රාජකාරීන් මධ්‍යයේ වුවද ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අද (අප්‍රේල් 16) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක 'සමුද්‍රාරක්ෂා' නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්,


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනපති තුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමුහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුභ අලුත් අවුරුද්දක් වේවා ..!

සුභ අලුත් අවුරුද්දක් වේවා ..!


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සහයෝගීතාව ආර්ථික පුනර්ජීවනය සඳහා වන ප්‍රමුඛ මංපෙතක් බව
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

'ඉන්දියානු ආරක්‍ෂක පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවයෙන් ඔවුන් හා ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කිරීම රටේ ආර්ථික ප්‍රබෝධයට හේතු වනු ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු සමාගම් වලින් මිලට ගනු ලැබූ අප වෙනුවෙන්ම නිර්මාණය කරනු ලැබූ ගෙවූ මුදලට ඉහල වටිනාකමක් ඇති නිෂ්පාදන  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමට උපකාරී විය.'


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය - 2024, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 10) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊද් මුබාරක්

සාමය සපිරි ප්‍රිතිමත් රාමසාන් දිනයකට සුභ පැතුම්


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත මිලියන ගණනක් වටිනා
විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්

අප රටේ පැවති කුරුරි යුද්ධයෙන් මාතෘ භුමිය ගලවා ගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට තම දෛනික කටයුතුවලට මුහුණදීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා සහය දැක්වීමේ අරමුණින්, අද (අප්‍රේල් 9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විදුලි යතුරුපැදි 50 ක් බෙදා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

මුලතිව් ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද ජාතික ශිෂ්‍යභට බලකයේ දෙවන පුහුණු මධ්‍යස්ථානය නිළ වශයෙන් විවෘත කිරීමේ උත්සවය ඊයේ (අප්‍රේල් 07) දින මහා සංඝරත්නය ඇතුළු හින්දු, මුස්ලිම් සහ කිතුනු ආගමික පුජක තුමන්ලාගේ ආශීර්වාදය මධ්‍යයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 5 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 අප්‍රේල් මස 06 වන දින නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම
වෙනුවෙන් පූනරින්හිදී අවුරුදු උත්සවයක්

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 අප්‍රේල් මස 05 දින පුනරීන් ප්‍රදේශයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත පූනරින් පොලිස් ස්ථානය, පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව 552 පාබල බලසේනාව වෙතින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අප්‍රේල් 06 දින ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලද අතර, මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව යුද හමුදාව වෙතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සොයා බැලීම වන අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක සෞඛ්‍ය දිනය

සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් සඳහා සියළු මිනිසුන්ට ඇති අයිතිය අන් කවරදාටත් වඩා වැදගත්ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවර්ධනය සහ සාමය සඳහා ජාත්‍යන්තර ක්‍රිඩා දිනය

සාමකාමී සහ සාධාරණ සමාජ ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩාව


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිමකර නික්ම යන තුර්කි ජනරජයේ තානාපතිනි, අතිගරු R. Demet Şekercioğlu මැතිණිය අද (අප්‍රේල් 05), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ පදිංචිකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සමාජ සේවා ප්‍රතිලාභ ලබයි

යාපනය ආරක්‍ෂක සේනාවේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ඇමරිකාවේ පරිත්‍යාගශීලී දානපතියන්ගේ දායකත්වය ඇතිව කුඩා දරුවෙකු සිටින තනිවූ මවක් වෙත ආනන්දපුරම් හි ඉදිකරන ලද නව නිවසක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම පසුගිය අප්‍රේල් 02 දින සිදු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව
ලෙබනනය බලා පිටත්ව යයි

සාමාජිකයින් 125 කින් සමන්විත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් (SLFPC) පසුගිය බදාදා (අප්‍රේල් 03) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හී මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත
පවුල් සඳහා නව නිවාස

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් නාවික හමුදාව
කළුතරදී පුහුණු වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර ප්‍රදේශයේ ආපදා කළමනාකරණ ඒකකයට අනුබද්ධ සාමාජිකයින්ගේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා කළුතර වෙරළ තීරයේදී පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී කළුතර ප්‍රදේශයේ නාවික හමුදා ක්‍ෂණික යාත්‍රා බලඝණයේ පසු පුහුණු අංශය සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ආපදා කළමණාකරණය, මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබද ප්‍රයෝගික පුහුණුවක් මෙහිදී ලබා දුන් බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකායේ ලාංඡනය
එළිදැක්වීම, සේවය ඇගයීම සහ ඉදිරි දැක්ම

මෙරට තැනැත්තන් වෙළදාම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකරනු ලබන, තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය ඒ සඳහා වන සිය අනන්‍යතාවය සහ කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණින් අද (අප්‍රේල් 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී එහි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ යාපනය ශික්‍ෂණ රෝහල එක්ව නොමිලේ
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වන පාබල සේනාංකය විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු වලදී පරීක්‍ෂාවට ලක් වූ සහ හඳුනාගත් රෝගීන් සඳහා ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් යාපනය ශික්‍ෂණ රෝහලේදී පසුගියදා පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (අප්‍රේල් 02) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.