ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති ‘පාතාලයෝ' නම් සිංහල නවකතාව සහ ‘ගෝඨාභය’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය සිය 59 වන උපන් දිනයට සමගාමීව ඊයේ (සැප්තැම්බර් 6) සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
සැප්තැම්බර් 07, 2020
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක් පිහිටුවන බවයි.
අගෝස්තු 29, 2020
දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම වැළැක්වීම සඳහා ආපදා තත්වයන් ඇතිවීමට පෙර හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
අගෝස්තු 26, 2020
වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීම සඳහා අද දින (අගෝස්තු 24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
අගෝස්තු 24, 2020
කිසිදු බලවේගයකට යටත් නොවී දේශයේ ස්වෛරිත්වය සහ ජනතාව ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අවධාරණය කළේය.
අගෝස්තු 20, 2020
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ සිය ධුරයේ වැඩ ආරම්භ කරයි
අගෝස්තු 17, 2020
රටේ සංවර්ධනය සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
අගෝස්තු 15, 2020
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද දින (අගෝස්තු 12) පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ විෂය පථය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය පවතී.
අගෝස්තු 12, 2020
මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වේ.
අගෝස්තු 11, 2020
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බුද්ධි සේවය සාර්ථකව යෙදවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බවයි.
අගෝස්තු 02, 2020
ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.
ජුලි 16, 2020
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නායකත්වය යටතේ මුහුදේ දී මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
ජුලි 13, 2020
ශ්‍රී ලංකාවේ COVID 19 ට එරෙහිව කටයුතු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වීම සඳහා ඉවහල් වන ප්රතිඵලදායි නව නිපැයුම් කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මැයි 06 දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කරන ලදි.
මැයි 07, 2020
කොරෝනා වෛරසය (COVID - 19) ආසාදිත රටවලින් පැමිණෙන පිරිස් සහ මිලියන 20 කට අධික රටේ ජනගහනය මෙම වෛරසයට ගොදුරු විමට ඉඩකඩක් ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලාංකිකයන් හට කොරෝනා වෛරසය (COVID - 19) පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.
මාර්තු 11, 2020
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකාබද්ධව දින 25 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකදී විදේශීය ධීවර යාත්‍රා තුනක ගබඩා කර තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් (crystal methamphetamine) කිලෝග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය මුහුදේදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
මාර්තු 05, 2020
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයින් 200,000 කට අධික පිරිසකට ඔවුන් වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් වට්ටම් ලබා දීම පිණිස ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ (VPCs) නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පෙබරවාරි 27, 2020
අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රජය පවසා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාකරන බවත් මහ කොමසාරිස්ගේ වර්තමාන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් මෙවර සැසිවාරයේදී ඵලදායි සාකච්ඡාවන්හි නිරත වන්නේ එමගින් මෙම කවුන්සිලය මෙරට යථාර්ථයන් හඳුනා ගනු ඇතැයි යන අවංක බලාපොරොත්තු ඇතිව බවයි.
පෙබරවාරි 27, 2020
ශ්‍රී ලංකා රජය පවසා සිටියේ ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් වුවද, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකා ජනතාව විසින් තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.
පෙබරවාරි 26, 2020
මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
පෙබරවාරි 25, 2020
40/1 සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති තානාපති එලිසෙබෙත් ෆිස්ල් බර්ගර් හට දැනුම් දුන්නේය.
පෙබරවාරි 23, 2020
ප්‍රචණ්ඩකාරී, මූලධර්මවාදී අන්තවාදයට විරුද්ධ ඒකාබද්ධ සටනේදී ත්රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි.
පෙබරවාරි 17, 2020
ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සිය දැඩි විරෝධය පළ කර තිබේ.
පෙබරවාරි 16, 2020
“ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බාහිරව විකාශනය වූ කාලරාමු, සංහිඳියාව ක්‍රියාවලියට බාධා පමුණුවනු ඇත්තේ ඒවා නියම ස්වභාවයෙන් නැති බැවිනි” රජය එක්සත් ජාතීන්ට දන්වා තිබේ.
පෙබරවාරි 14, 2020
යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට ගමන් තහනම් පැනවීමට දැඩි ලෙස විරුද්ධ වන අතර, තහවුරු නොකරන ලද තොරතුරු මූලාශ්රවල සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ එම තීරණය සමාලෝචනය කරන ලෙස රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.
පෙබරවාරි 14, 2020
රණවිරුවන් සහ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සේවා සැපයීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීම දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව පවසයි.
පෙබරවාරි 13, 2020
කලාපය තුළ සාමය හා ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව පැවසූ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා සහාය දෙන බවට ද ප්‍රතිඥා දුන්නේය.
පෙබරවාරි 10, 2020
බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පාකිස්ථානය සහතික විය.
ජනවාරී 31, 2020
ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සේවාව තවදුරටත් විධිමත් කරනු ඇත.
ජනවාරී 29, 2020
අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
ජනවාරී 25, 2020
දිගු කලක් තිස්සේ පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නාරහේන්පිට පොලිස් රෝහලට අමතර රුධිර කාන්දු පෙරන පහසුකම් සහ ප්‍රමාණවත් වෛද්‍ය සහ සුළු කාර්ය මණ්ඩලයක් ලබාදෙනු ඇත.
ජනවාරී 24, 2020
විනයගරුක හා නීතිගරුක පුරවැසියන් බිහිකරනු පිණිස පාසල් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවැසීය.
ජනවාරී 23, 2020
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, වැඩි වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය යටතේ නව නීති ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය .
ජනවාරී 22, 2020
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් මහතා ඊයේ දින (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී යුධමය උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට පොරොන්දු වී තිබේ.
ජනවාරී 18, 2020
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න තම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර, මේ සදහා විශේෂයෙන් පිහිටුවන ලද නීතිය බලාත්මක කිරීමේ ඒකකවල සහාය ඇතිව එය මර්දනය කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව පැවසීය.
ජනවාරී 14, 2020
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට අද (10) පස්වරුවේ එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
ජනවාරී 11, 2020
නෝර්වේ තානාපති ට්‍රීනි ජෝනාලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal) අද (ජනවාරි 08) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු විය.
ජනවාරී 08, 2020
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (07) කොළඹ 03 කොල්ලුපිටියේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරි කටයුතු පිළිබඳව නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ජනවාරී 07, 2020
පරිසරය සංරක්ෂණය කිරීම සඳහා රජය ගෙන ඇති පියවරට සහාය දැක්වීමේ අරමුණින් හේලීස් සමාගම යටතේ ක්‍රියාත්මක වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීපීඑල්සී) සමාගම රබර් අත්වැසුම් පොලිස් පරිසර ආරක්ෂණ අංශය වෙත ලබාදීමේ උත්සවය අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
ජනවාරී 07, 2020
රජයේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ විනයගරුක සහ නීතිගරුක පුද්ගලයින් සිටින රටක් බිහිකිරීම බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ජනවාරී 01, 2020
ආයෝජකයින්ගේ විශ්වාසය සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
දෙසැම්බර් 21, 2019
රණවිරු සේවා අධිකාරියේ නව සභාපති ලෙස මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතා පත් කරන ලදි.
දෙසැම්බර් 10, 2019
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් "DD 102 හරුසාමේ" නෞකාව දින තුනක සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 10) ශ්‍රී ලංකාවට පැමිණියේය.
දෙසැම්බර් 10, 2019
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 09) දින බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
දෙසැම්බර් 09, 2019
කර්මාන්ත සඳහා සැලසුම් සහගත රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා කිරීමට බාධා නොකර රසායනික ද්‍රව්‍යවල ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ආරක්ෂිතව භාවිතා කිරීම සහතික කිරීමේ අරමුණින් ජාතික අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසිය.
දෙසැම්බර් 03, 2019
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද (නොවැම්බර් 30) දින ඓතිහාසික කන්ද උඩරට සංචාරයක නිරතවිය. අති උතුම් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ආරක්ෂක ලේකම්තුමන්, දලඳා මාලිගාවෙහි දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන ආගමික වතාවත් සිදුකරන ලදි.
නොවැම්බර් 30, 2019
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා පළමු වරට අරලියගහ මන්දිරයේදී ඊයේ සවස (2019 නොවැම්බර් 29) ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය.
නොවැම්බර් 30, 2019
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් බදාදා දින (නොවැම්බර් 27) පත්කරන ලදි.
නොවැම්බර් 27, 2019
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත්වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හත්වන විධායක ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (නොවැම්බර් 18) අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී දිවුරුම් දුන්නේය.
නොවැම්බර් 18, 2019
ශ්‍රී නාවික හමුදාව විසින් ආණමඩුව, කරුවලගස්වැව අන්තර් ජාතික ථෙරවාදී ධර්මායතනයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය අතිගරු ජනපතිතුමන් විසින් සිකුරාදා දින (නොවැම්බර් 15) විවෘත කරන ලදි.
නොවැම්බර් 16, 2019
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් ‘MOD ALERTS’කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කෙරේ.
නොවැම්බර් 13, 2019
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුධ ස්මාරකය අභියසදී අද (නොවැම්බර් 10) දින ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය (Sri Lanka Ex-Servicemen’s Association - SLESA) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රණවිරු අනුස්මරණ උත්සවය සහ පොපිමල් දිනය සැමරුම් උත්සවය සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.
නොවැම්බර් 10, 2019
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ නව යුද්ධ හමුදා මූලස්ථානය අද උදෑසන (නොවැම්බර් 08) පැවති උත්සවයක දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරන ලදී.
නොවැම්බර් 08, 2019
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට එක්කිරීම බදාදා සවස (ඔක්තෝම්බර් 30) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී සිදු කරන ලදී.
ඔක්තෝම්බර් 31, 2019
ආරක්ෂක අමාත්‍යාංශ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 2019 අද කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
ඔක්තෝම්බර් 27, 2019
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 30 ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව මාලාව තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද දින (ඔක්තෝබර් 25) සවස පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
ඔක්තෝම්බර් 25, 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන “කොළඹ ගුවන් සම්මේලනය 2019” අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඞ් උත්සව ශාලාවේදී අද දින (ඔක්තෝබර් 24) පෙරවරුවේ ආරම්භ විය.
ඔක්තෝම්බර් 24, 2019
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
ඔක්තෝම්බර් 05, 2019
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදුදා දින (සැප්තැම්බර් 23) ත්‍රිකුණාමලය කුච්චවේලි හිදී අවසන් අභ්‍යාසය වන ‘Critical Engagement’ පුහුණු මෙහෙයුමෙන් ලෙස අවසන් විය.
සැප්තැම්බර් 24, 2019
අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙහි සහ එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස්’ යන ගෞරවනීය නිලයන්හි අභිෂේක ගැන්වීමේ උත්සවය අද දින (සැප්තැම්බර් 19) කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සැප්තැම්බර් 19, 2019
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘නෙළුම් කුළුණ’ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින (2019 සැප්තැම්බර් 16) විවෘත කරන ලදී.
සැප්තැම්බර් 16, 2019
සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.
සැප්තැම්බර් 14, 2019
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද දින (සැප්තැම්බර් 11) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
සැප්තැම්බර් 11, 2019
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා දින හතරක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් ('Somudra Avijan') නෞකාවේ ඊයේ දින (සැප්තැම්බර් 09) සංචාරයක නිරත විය
සැප්තැම්බර් 10, 2019
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (සැප්තැම්බර් 01) පැවති 35 වන විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය සදහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.
සැප්තැම්බර් 01, 2019
ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය www.defence.lk නව මුහුණුවරකින් නිල වශයෙන් නැවත අන්තර්ජාලයට මුදා හැරීම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් අද (අගෝස්තු 26) දින පැවති උත්සවයකදී සිදු කරන ලදී.
අගෝස්තු 26, 2019
අද (අගෝස්තු 23) දින එළඹෙන බෙල්ලන්විල ඇසල පෙරහැරේ ආරක්ෂක විධිවිධානයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් විශේෂ රැස්වීමක් කැඳවන ලදී. මෙම රැස්වීමට ආරක්ෂක අංශ සහ පොලීසියේ නිලධාරීන් සහභාගී වූහ
අගෝස්තු 23, 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චීනය වෙතින් ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව (Offshore Patrol Vessel) ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” ලෙස අද (අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා) සවස කොළඹ වරායේදී අධිකාරියට පත් කෙරිණි.
අගෝස්තු 22, 2019
නව යුද හමුදාධිපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර් ඩබ්ලිව්පී, ආර්එස්පී, පීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී අද (අගෝස්තු 21) දින කොළඹ යුධ හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයේදී සිය ධූරයෙහි රාජකාරි නිල වශයෙන් භාර ගන්නා ලදී.
අගෝස්තු 21, 2019
හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් සදුදා (අගෝස්තු 19) දින සාකච්චාවක් සදහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.
අගෝස්තු 20, 2019
ජලයෙන් ආරක්ෂා වීම, දියේ ගිලීම වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව සිවිල් වැසියන් හා විශේෂයෙන්ම ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක පුහුණු පාසල විසින් ජීවිතාරක්ෂක සහ දියේ ගිලී යාම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
අගෝස්තු 13, 2019
ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා නියෝජිත කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 08) දින සවස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
අගෝස්තු 09, 2019
හෙට සිට ඇරඹෙන ඇසල පෙරහැරේ උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පැවසීය
අගෝස්තු 04, 2019