පුවත් කෙටියෙන්

සිට
දක්වා
මාතෘකාව


post img

වියළි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් කල්පිටියෙදී නාවික හමුදා භාරයට

නාවික හමුදාවේ වයඹ නාවික විධානය මගින් කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල වියළි කහ කිලෝග්‍රෑම් 1340ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ  (26) නාවික හමුදා භාරයට ලන්නා ලදි.

ජනවාරී 27, 2021


post img

ඊයේ(26) තවත් PCR පරීක්ෂණ 16,431 ක්

අද (ජනවාර 27) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 59,921 දක්වා ඉහළ ගොස් ඇත.

ජනවාරී 27, 2021


post img

කුඩා රාවණා පරය අසල සමුද්‍රීය පරිසර පරීක්ෂණ

භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට පත්වීමෙන් හේතුවෙන් අනතුරුව කුඩා රාවණා ගල්පරය ආසන්නයේ සමුද්‍රීය පරිසර පරීක්ෂණ සිදුකරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය අද (ජනවාරි 26) දින පැවසීය.  

ජනවාරී 26, 2021


post img

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 50,336 දක්වා ඉහළට

අද (ජනවාරි 26) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 737 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 59,166 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ජනවාරී 26, 2021


post img

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 49,683 දක්වා ඉහළට

අද (ජනවාරි 25) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 843 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 58,429 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ජනවාරී 25, 2021


post img

තවත් PCR පරීක්ෂණ 18,515 ක් ඊයේ සිදු කරන ලදි

අද (ජනවාර 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 724 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 57,586 දක්වා ඉහළ ගොස් ඇත.

ජනවාරී 24, 2021


post img

විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශයේ පිහිටි කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත් විදේශීය නෞකාවේ බඳට හානි සිදුවී ඇති බවට වාර්ථා නොවන අතර, සාගරයට ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අද (ජනවාරි 24) දින ආරක්‍ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය (defence.lk) වෙත පැවසීය.

ජනවාරී 24, 2021


post img

තවත් PCR පරීක්ෂණ 19,285 ක් ඊයේ සිදු කරන ලදී

අද (ජනවාර 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 787 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 56,862 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ජනවාරී 23, 2021


post img

කන්දන්කුලම් වැව් බැම්ම පුපුරා යාම යුද හමුදාවෙන් වළක්වයි

කිලිනොච්චි සෙල්වනගර් හි කන්දන්කුලම් වැව් බැම්මේ අවදානම් සහිත ස්ථාන වලට වැලි මලු තබමින් වැව් බැම්ම පුපුරා යාම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (ජනවාරි 21) දින සිදු කරන ලදි.

ජනවාරී 22, 2021


post img

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 769 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

අද (ජනවාර 22) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 887 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 56,075 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ජනවාරී 22, 2021