පුවත් සහ සිදුවීම්   ජනපති පුවත්

ජනපති පුවත්

ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි.  එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.


ජනපති පුවත් | ජනපති පුවත්

නත්තල් දින පණිවිඩය

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.


ජනපති පුවත් | ජනපති පුවත්

ආශිර්වාද පතා මිරිසවැටිය මහා සෑය අභියස පුද පූජා

 අනුරාධපුරයේ මිරිසවැටිය මහා සෑය පරිශ්‍රයේ ඊයේ (නොවැ. 14) දින සවස පැවති ආගමික උත්සවයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.

 


ජනපති පුවත් | ජනපති පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ දීපවාලි පණිවුඩය

ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති.


ජනපති පුවත් | ජනපති පුවත්

බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් රැක ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය

දෛනිකව පවත්වනු ලබන කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ (11)දින ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී වෛරස් තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ගමන් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපති තුමාගේ නබි නායක දින පණිවිඩය

ශ්‍රි ලංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමඟ සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.


ජනපති පුවත් | ජනපති පුවත්

හජ් සාමකාමී සහ සහජීවනය තවදුරටත් වර්ධනය කර ගැනීමේ උත්සවයක් - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

මේ වසරේ හජ් උත්සවය සියලුම මුස්ලිම්වරුන්ට අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්‍යෝගය වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් අද (අගෝස්තු 01) හජ් උත්සවය පිළිබඳ සිය පණිවුඩයේ සඳහන් කර ඇත.


ජනපති පුවත් | ජනපති පුවත්

සෑම කෙනෙකුම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහතික වේ

ශ්‍රී ලංකාවට ආපසු  ඒමට අපේක්ෂා කරන සැමට ඒ සඳහා පහසුකම් ලබාදෙන බවට සහතික කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ ගුවන්තොටුපලේ PCR පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නැවත පැමිණෙන අය යොමු කරන ලෙසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

රණවිරුවන්ට දිගින් දිගටම අසාධාරණයන් සිදුකරන ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා පසුබට වන්නේ නෑ - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

දිගින් දිගටම පදනම් විරහිත චෝදනා නගමින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් පීඩනයට පත් කරන ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට පසුබට නොවන බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් පැවසීය.


ජනපති පුවත් | ජනපති පුවත්

වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී  සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ශ්‍රී ලංකාව COVID - 19 ට එරෙහි සටන වැඩ කරන ජනතාවගේ සහාය ඇතිව ජය ගනු ඇත - ජනාධිපති

අතීතයේ ඇති වූ දුෂ්කර හා අභියෝගාත්මක කාලයන් ජයගත් අත්දැකීම් සහිත ශ්‍රී ලංකාව නිසැකවම COVID - 19 ට එරෙහි සටන ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.


ජනපති පුවත් | ජනපති පුවත්

සමස්තයක් ලෙස COVID-19 පැතිරීම පාලනය වෙමින් පවතින බව ජනාධිපති පවසයි

සමස්තයක් ලෙස  COVID-19 පැතිරීම  පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ පැවසීය.

 


ජනපති පුවත් | ජනපති පුවත්

COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා තම නිවසේ සිට පවුලේ සාමාජිකයන් සමඟ නව වසර සමරන ලෙස ජනාධිපති රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී

ජනතාවට සහ රටට තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් රජය සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.


ජනපති පුවත් | ජනපති පුවත්

රට තුළ අන්තවාදය වර්ධනය වීමට ඉඩක් නොමැත - ජනාධිපති

ත්‍රස්තවාදය පතුරවන කිසිදු අන්තවාදී සංවිධානයකට රට තුල ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහතික විය.


ජනපති පුවත් | ජනපති පුවත්

අතුරුදන්වූ පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇති බවට පලවන වාර්ථා ජනාධිපති රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කරයි

අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්‍ෂේප කරයි. 


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමන්ගේ තෛයිපොංගල් පණිවුඩය

ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛයිපොංගල්  මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමඟ මම ද සතුටින්   එක්වෙමි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය

විනයගරුක සමාජයක් තුළ සකලවිධ අනන්‍යතා සහ නිපුනතා, නූතනත්වය සමඟ මුුසුකොට සෞභාග්‍ය සාක්ෂාත් වන නව වසරක් ප්‍රාර්ථනා කරමි.

- ගෝඨාභය රාජපක්‍ෂ


ජනපති පුවත් | ජනපති පුවත්

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨ රෝහල සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාව

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.


ජනපති පුවත් | ජනපති පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ නත්තල් පණිවුඩය

ලෝකයට සාමයේත්, සහජිවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිදාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප්‍රීතියක් දනවයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ සාමාජිකයන් හමු වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (02) සවස ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් හමු වී අදහස් හුවමාරු කර ගත්තේ ය.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපතිතුමා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හමුවෙයි

අද (30) දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.


ජනපති පුවත් | ජනපති පුවත්

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා.


ජනපති පුවත් | ජනපති පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබඳතාවල නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.


ජනපති පුවත් | ජනපති පුවත්

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක්.

සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි.


ජනපති පුවත් | ජනපති පුවත්

තම ධූර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.