විශ්‍රාම වැටුප් විෂමතාවය පිළිබඳ ආබාධිත සෙබළුන් විසින් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය :
ජනවාරී 11, 2021
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සමඟ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් උපදෙස් දී ඇත.
දෙසැම්බර් 01, 2020
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මහර බන්ධනාගාරයේ ඊයේ (2020 නොවැම්බර් 29) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.
නොවැම්බර් 30, 2020
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 26, 2020
නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් හා දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.
නොවැම්බර් 25, 2020
'නැගෙනහිර' සහ 'බටහිර' සම්බන්ධ කරන වැදගත් 'සන්නිවේදන මුහුදු මාර්ගයන් භාවිතා කර ගන්නා ඉන්දියන් සාගරය සප්ත මුහුදු දොරටුව වශයෙන් සැලකේ යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අවධාරණය කරමින් කියා සිටියේ මෙම උපායමාර්ගික සාගරයේ කොටසක්වීම, පැහැදිලිවම වෙන කවරදාකටත් වඩා ඉන්දියානු සාගරයේ විශාල කාර්යභාරයක් ඉටුකල හැකි බවයි.
නොවැම්බර් 24, 2020
සීමාවන් පනවා ඇති ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හා විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ සේවා කටයුතු වල යෙදෙන රාජ්‍ය සේවකයින්ට යළිත් ‘නිවසේ සිට වැඩ කිරීමට’ යොමුකරන ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (ඔක්තෝබර් 29) දින පැවසීය.
ඔක්තෝම්බර් 30, 2020
ඔක්තෝබර් 22 වන දින දීඝවාපී පුදබිමෙහිදී පැවැත්වීමට නියමිතව තිබූ දීඝවාපි ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දමා ඇත.
ඔක්තෝම්බර් 21, 2020
පූජනීය දීඝවාපී විහාරස්ථානයෙහි ප්‍රධාන නාහිමි මහඔය සෝභිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ‘දීඝවාපිය ස්ථූපයේ’ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් මස 22 වන දින දීඝවාපී පුදබිමෙහිදී සිදුකිරීමට නියමිතය.
ඔක්තෝම්බර් 21, 2020
2020 ඔක්තෝම්බර් මස 01 වන දින අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරන ලද වව්නියාව දිසාපති කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයේදී උත්සව සභාව අමතා කරන ලද කථාව.
ඔක්තෝම්බර් 05, 2020
පුරා දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණය පැවති වකවානුවේ රට දැය වෙනුවෙන් සේවය කිරීමට ත්‍රිවිධ හමුදාවට බැඳී විවිධ දුෂ්කරතා හා අපහසුතා හේතුවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියමය පරිදි 2020.02.05 (අද දින) සිට දින 07ක පොදු සමාකාලයක් 72 වන නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කර ඇත.
පෙබරවාරි 05, 2020
දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීමෙහිලා ව්‍යාප්තව පවතින අනවසර ගිනි අවි තර්ජනයක් වන බැවින් එසේ බලපත්‍ර නොමැතිව භාවිතා කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි රජයට භාරදීම සඳහා සහන කාලයක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
පෙබරවාරි 05, 2020
චීනයේ ‘වූහාන්’ ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණෙන සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සති දෙකක කාලයක් පුරාවට ඔවුන්ව රඳවාගෙන රෝග නිරෝධායනයන් සඳහා දියතලාව යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇති ශාලා දෙක වෙත යොමු කරවීමට නියමිතව ඇති අතර ඒ අනුව මෙම පිරිස් එහි රැඳවීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පහසුකම් සලසා ඇත.
ජනවාරී 31, 2020
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලාංකීය සිසුන් 32 නෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරටට රැගෙන එම සදහා ඊයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගර ගුවන්තොටුපළ වෙත ගොඩබෑම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.
ජනවාරී 27, 2020
අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
ජනවාරී 25, 2020
ස්විට්සර්ලන්තය ඊයේ පවසා සිටියේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් මෑත කාලීන සිදුවීමේ වර්ධනයන් පිළිබදව කනගාටු වන බවත් නියමිත ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇති බවයි.
ජනවාරී 01, 2020
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධ සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීමේදී දෙරටම ගරු කරන්නාවූ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සෑම පියවරකදීම ඊට අදාළ නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා වෙත සහතික කළේය.
දෙසැම්බර් 19, 2019
අතිගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් අතිගරු ජනාධිපතිතුමා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවගෙන් වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවති.
දෙසැම්බර් 16, 2019
ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී.
දෙසැම්බර් 10, 2019
නාඳුනන පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා තර්ජනය කළ බව පවසන මෙරට තානාපති කාර්යාල සේවිකාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටත් කර යැවීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් සිදු කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දෙසැම්බර් 05, 2019
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක යෙදී සිටින පාකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා විසින් එල්ටීටීඊය පරාජය කර ත්‍රස්තවාදය තුරන් කරමින් කලාපීය සාමය යථා තත්වයට පත් කිරීම සඳහා උදෙසා ශ්‍රී ලංකා රජය විසින් සිදු කල කැපවීම එතුමන්ගේ පැසසුමට ලක් විය.
දෙසැම්බර් 03, 2019
මේ වන විට දිවයින පුරා තිබෙන ත්‍රිරෝද රථගාල්, පදික වෙළඳුන් සහ වෙළද කුටි ශ්‍රී ලංකා පොලිසිය විසින් එම ස්ථාන වලින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බවට කට කතාවක් ප්‍රචාරය වෙමින් පවතී.
නොවැම්බර් 27, 2019
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය
නොවැම්බර් 20, 2019
2019.11.05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් "අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව" ශීර්ෂය යටතේ වූ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියේ අඩංගු කරුණු මූලිකවම අසත්‍ය බව දන්වා සිටිමි.
නොවැම්බර් 15, 2019
2019 ඔක්තෝම්බර් මස 16 වන දින පෙරවරුවේ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විද්‍යාලය අසල හා මෝදර මට්ටක්කුලිය ශාන්ත මරියා පල්ලිය අසල බෝම්බයක් තිබෙන බවට රාවයක් පැතිර ගොස් ඇත.
ඔක්තෝම්බර් 16, 2019
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු සංගම් නියෝජිතයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි අද සවස (සැප්තැම්බර් 24) ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) අනුරාධ විජේකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හමුවිය.
සැප්තැම්බර් 25, 2019
සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු එකමුතුවේ සාමාජිකයින් අද දින (සැප්තැම්බර් 25) ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) අනුරාධ විජේකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හමුවිය.
සැප්තැම්බර් 25, 2019
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය - කොල්ලුපිටිය, හිදී ඊයේ දින (සැප්තැම්බර් 18) ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත හා මියගිය රණවිරුවන්ට වැටුප් හා දීමනා වයස අවුරුදු 55න් පසුවද ගෙවීම පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
සැප්තැම්බර් 18, 2019
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය මුලසුන හෙබවූ ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අද දින (2019 සැප්තැම්බර් 10) අමාත්‍යාංශ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විනි
සැප්තැම්බර් 10, 2019
යුධමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදි සිටියදි සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්විම උදෙසා සිදුකරන ලද ක්‍රියා හේතුවෙන්
සැප්තැම්බර් 09, 2019
හදිසි නීතිය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි...
අගෝස්තු 24, 2019
මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවරා ඇති බලතලවලට අනුකූලව, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා පොලීසියට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාවන් යොදා ගැනේ.
අගෝස්තු 23, 2019
හෙට සිට ඇරඹෙන ඇසල පෙරහැරේ උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පැවසීය
අගෝස්තු 04, 2019
මහනුවර වාර්ෂික ඇසල පෙරහැර සමයේදී ජනතාවගේ සහ ස්ථානයන්හි උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග සහ, ඕනෑම තර්ජනයකට හෝ සිදුවීමකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් උතුම් ආගමික කටයුත්තක් වන පෙරහැර දිනයන්හිදී සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බවත් මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව
ජුලි 29, 2019
රට තුළ සාමය හා සමගිය ඇතිකිරීම උදෙසා තම ජීවිතය හා අත් පා කැප කළ රණවිරුවන්ට ජාතියේ කෘතඥතාවය පළ කරයි. සාමය උදාවූ දා සිට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රට තුල සංහිදියාව ඇතිකිරීම හා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.
ජුලි 19, 2019
2019 ජුලි මස 12 වන දින සිරස රූපවාහිනි රාත්‍රි 0700 පුවත් විකාශය මඟින්, ඇමරිකාවේ වෙස්ටන් ග්ලෝබල් එයාර් ලයින් නැමති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් 11 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 2019 ජුලි මස 12 වන දින උදෑසන 0350 පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීම වාර්තා කරන ලදි.
ජුලි 13, 2019
රට නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වලින් පසු මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් රටේ ස්වරීභාවය සහ භෟමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහාත් ආරක්ෂක අමාත්‍යංශය විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත
ජුනි 27, 2019
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය (අප්‍රේල් 21) සහ වයඹ පළාතේ හා තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,289 කි
ජුනි 04, 2019
මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ සහරාන් ගේ කල්මුනේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කල අයෙකු මීට දින කිහිපයකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජුනි 01, 2019
රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇත.
මැයි 29, 2019
දැනට ඇප මත මුදා හරින ලද වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලබා දීමට කටයුතු කර ඇත.
මැයි 28, 2019
ISIS ත්රස්තවාදීන් 15 දෙනෙකු රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ශාදීප් දිවයින වෙත පලාගිය බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා පළකර තිබුනත්, අදාළ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවත්...
මැයි 27, 2019
ත්‍රිකුණාමලය, කින්නියා හි කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (මැයි 23) දින නාවික හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැයි 25, 2019
තව්හීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල කතුන් 4000 කගේ පමණ වඳ සැත්කම් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාක්ෂි ලැබී ඇති බවත්, එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් පුවතක් ඊයේ (මැයි 23) ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවිය.
මැයි 24, 2019
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද DNA පරීක්ෂණ අනුව පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ අනන්‍යතාවය අඟහරුවාදා (මැයි 21) දින සවස තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 21) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මැයි 22, 2019
මේ වනවිට රට තුල සාමය ස්ථාපිත කර ඇති අතර, පවතින සාමකාමී තත්ත්වය තුල ආරක්ෂක අංශ දැඩි අවදානයෙන් පසුවන බවත්, යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සාමය බිඳ දැමීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරනු ඇත.
මැයි 18, 2019
වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතින අතර, මෙය පසුපස සිටින අයවලුන් සොයා ගැනීම සඳහා බුද්ධි අංශ විසින් ද වෙනම පරීක්ෂණ සිදුකරයි.
මැයි 17, 2019
මේ රටේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීමට මම කැමතියි.
මැයි 17, 2019
වයඹ පළාතේ විශේෂයෙන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත යන පොලිස් කොට්ඨාශවල පසුගිය දින දෙක තුළදී සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 78 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මැයි 16, 2019
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී.
මැයි 15, 2019
පසුගිය අප්‍රේල් 21 වන දින සිට ගෙවුණු සති තුනක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටතුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂිත මෙහෙයුම් සිදු ක්‍රියාත්මක කරන ලදී.
මැයි 14, 2019
ඊයේ (මැයි 12) රාත්‍රී කාලයේ දී යම් පිරිසක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට අලාබහානි සිදුකර ඇති අතර එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා එම ප්‍රදේශයට පොලිස් ඇදිරිනීතිය පනවන ලදී.
මැයි 14, 2019
සියලුම පාසල්වලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.
මැයි 13, 2019
වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත.
මැයි 12, 2019
අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැයි 12, 2019
2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
මැයි 10, 2019
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ.
මැයි 09, 2019
අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.
මැයි 08, 2019
පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ. අපි ආරක්ෂක තත්ත්වය නිසි ලෙස තක්සේරු කර ඇති අතර සියලුම පාසල් ආවරණය වන පරිදි අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගෙන තිබේ. ජනතාවගේ සිතෙහි පවතින බිය තුරන්වන තෙක් සහ රටෙහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වන තෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
මැයි 06, 2019
සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.
මැයි 05, 2019
පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත
මැයි 04, 2019
ගෝලීය ත්රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව තිබෙන බව පවසයි.
මැයි 03, 2019
ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.
මැයි 03, 2019
ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.
මැයි 03, 2019
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්ෂාව තර කර තිබේ. ආරක්ෂක අංශ විසින් දිවයිනේ සියලුම පූජනීය ස්ථානවලට උපරිම ආරක්ෂාවක් ලබා දී ඇත.
අප්‍රේල් 30, 2019
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ.
අප්‍රේල් 29, 2019
දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්ධීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී.
අප්‍රේල් 26, 2019
අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදුවු අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිපලයක් ලෙස සිදුවු ජීවිත හානි පිළිබඳව රජයේ බලවත් කණගාටුව මේ අවස්ථාවේ පලකර සිටිනවා.
අප්‍රේල් 21, 2019
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානවල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.
අප්‍රේල් 21, 2019
අද පෙරවරු 0830 සිට පෙරවරු 0900 දක්වා කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වි තිබෙනවා.
අප්‍රේල් 21, 2019
සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය
පෙබරවාරි 15, 2019