පුවත් සහ සිදුවීම්   මාධ්‍ය නිවේදන්

මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි
අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම

ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරික්‍ෂණ තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

යුද්ධයේදී ආබාධිත වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරු යැපෙන්නන් වෙත
සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීම සබැඳිවයි

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින අයවළුන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ගෙන යන අතර, අදාල දීමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව  රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පවසයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ සතියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, මැයි 12 සිට 16 දක්වා දිවෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගා මීව පා සල් දරුවන් ඉලක්ක කරගත් මෙම මා ර්ග ආරක්ෂණ සතිය පැවැත්වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි

සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති පිළිබඳව පා.ම. ගරු විමල් වීරවංශ විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරිම

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති අතර


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා කාලසීමාවක් ප්‍රකාශයට පත්කිරීම

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් (බලපත්‍රයක්) නොමැතිව ලඟ තබාගෙන සිටින සියළුම බලපත්‍ර රහිත තුවක්කු රජයට භාරදීම සඳහා 2023 පෙබරවාරි මස 06 වන දිනැති අංක 2318/02 දරණ ගැසට් පත්‍රය මඟින් 2023.02.06 සිට 2023.03.15 දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින හමුදා පුද්ගලයින්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඒකකය වෙත රපෝර්තු කිරිමකින් තොරව 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුලදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී ඇත.  


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

"එක්ව නැගිටිමු" තේමාව යටතේ 75 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට ජනපතිගෙන් උපදෙස්

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් හේරත් දිසානායකගේ
රොෂාන් ඉසංක නොහොත් හරක්කටා යන අය මෙරටට උදර්පනය කරවා ගැනීම සබැදිව ආරක්‍ෂක අමාත්‍යංශයේ පැහැදිලි කිරිම

ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වූ නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ඔක්තෝම්බර් මස 03 වන දින ඩුබායි පොලිසිය විසින් මුදාහැරි බවත්, එයට මුල්වී ඇත්තේ ඔහුට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් වූ ගොනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හේතුවෙන් මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇති බවත් සඳහන් කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යයන්හි මහජනතාව නොමඟ යන අයුරින් පුවත් පල කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අසාධු ලේඛනගතකර ඇති පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව

2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය සභාපතිත්වය දරනු ලබන තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් කෙරෙන විශේෂ නිවේදනය

මෙරට ඇතැම් විදේශ රැකියා ඒජන්තවරුන් විසින්, පසුව රැකියා වීසා බවට වෙනස් කළ හැකියයි පවසමින් විදේශ ශ්‍රමිකයන් සංචාරක වීසා යටතේ විවිධ රටවල්වලට යැවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවත්, ඒ හේතුවෙන් එකී ශ්‍රමිකයන්, තැනැත්තන් වෙළෙඳාමේ ගොදුරු බවට පත්ව ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව දෙවන මට්ටමට (Tier 2) උසස් වේ

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 ජූලි 19 වන දින නිකුත් කරන ලද 2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව උසස් කර ඇති බව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් (NAHTTF) සභාපතිත්වය දරණ ආරක්‍ෂක අමාත්‍යාංශය සතුටින් ප්‍රකාශ කරයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

2022 ජූලි 13 වන දින සවස් කාලයේදී පාර්ලිමේන්තු සංකීර්ණය අත්පත් කර ගැනීමට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් එම ස්ථානයේ රාජකාරීන්හී නියුතුව සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු හට ඉතා දරුණු සහ අමානුෂික ලෙස යකඩ මුගුරු සහ පොලු ආදිය උපයෝගී කරගනිමින් සිහිසුන් වන තුරු පහර දී එම සෙබලුන් සතු ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි දෙක පතුරම් ගැබ් දෙකත් සමඟ පැහැර ගැනීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් වන අතර, එය මහජනතාවගේ ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉංදිය ඔත්තු සේවා උපුටා දක්වමින් 2022 මැයි මස 13 දින   ඉංදියාවේ The Hindu පුවත්පතේ පුවතක්   පල කර ඇත.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බැවින් රටතුල සාමකාමී බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටි.



මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් තම මුහුණු පොතෙහි (Facebook) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අමතා තබා තිබූ සටහන සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

ආරක්‍ෂක ලේකම් තුමන් විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනය

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරන අතර, එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ එවැනි රැස්වීමක් නොපැවති බවයි.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි. දැනට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකරාශී වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන පරිදි “සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය වේ.


මාධ්‍ය නිවේදන | මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදනය

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.