බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ජනවාරී 16, 2019

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩාව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් අද (ජනවාරි 16) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති අන්‍යොන්‍ය කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද සහභාගී විය.