රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රු. මිලියන 3 ක්

අප්‍රේල් 12, 2020

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක  රජය සතු ව්‍යාපාරයක් වන ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගම විසින් රු. මිලියන තුනක් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇත.

රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සේවකයින් දෙදහසකට වැඩි පිරිසකගේ දිනක වැටුප්  පරිත්‍යාග කිරීම මගින් මේ සඳහා දායක වූහ. රු. මිලියන 3 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී. රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) විජිත් වැලිකල , ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) දුලත් විජේතිලකේ සහ අධ්‍යක්ෂ පරිපාලන කර්නල් (විශ්‍රාමික) තිලක් බානගොඩ යන අය එම අවස්ථාවට සහභාගි වූහ.