COVID -19 ට එරෙහිව සමඟ සටන් කිරීම සදහා කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් රු. 400,000 ක්

අප්‍රේල් 15, 2020

කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ‘අපි වෙනුවෙන් අපි  - 67 කණ්ඩායම’ විසින් COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයට සහය දක්වමින් රු. 400,000 ක් පරිත්‍යාග කර තිබේ.

මිට අදාළ චෙක්පත් අද (අප්‍රේල් 15) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී අනුරාධ ගයාන් සංජීව විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත භාර දෙන ලදී.