කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනය සහ SKD නිෂ්පාදන සමාගම විසින් මුහුණු ආවරණ සහ නැවත භාවිතා කල හැකි ඇදුම් කට්ටල ආරක්‍ෂක ලේකම් වෙත පරිත්‍යාග කරයි

අප්‍රේල් 24, 2020

කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනය සහ SKD නිෂ්පාදන සමාගම විසින් මුහුණු ආවරණ 2000 ක් සහ ශල්‍ය ඇදුම් කට්ටල 250 ක් අද (අප්‍රේල් 23) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත බාර දෙන ලදි.

එම අවස්ථාවේදී ආයතන දෙකේ කළමනාකාර අධ්‍යක්‍ෂවරුන් විසින් ආරක්‍ෂක ලේකම් වෙත රු. 350,000 ක මුල්‍ය පරිත්‍යාගයක්ද සිදුකරන ලදි.

කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්‍ෂ සුරන්ජිත් රත්නායක මහතා පවසන පරිදි මෙම ආරක්‍ෂක ආම්පන්න පරිත්‍යාග කරනු ලබන්නේ COVID-19 සමඟ සටන් කරන ඉදිරි පෙළ ශ්‍රම බලකායේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශ වැඩපිළිවෙලට සහය වීම සඳහා ය.

මෙම අවස්ථාව සඳහා SKD නිෂ්පාදන සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශානක ද සිල්වා, කුරුණෑගල ජීනියස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්‍ෂණ විධායක නිලධාරි මනෝජ් අරුණතිලක, දානපති මහේෂි ප්‍රියදර්ශනී යන අය සහභාගී වුහ.