ජපාන තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ජනවාරී 25, 2019

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (. Mr. Akira Sugiyama) මැතිතුමන් අද (ජනවාරි 25) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුව අතරතුර දී රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජපාන තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් ඇති අන්‍යොන්‍ය කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අට්සුහිරෝ මොරෝයි (Captain Atsuhiro Moroe) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.