දැඩි කැපවීමෙන් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිදු බලවේගයකට රජය ඉඩ දෙන්නේ නැත - ආරක්ෂක ලේකම්

මැයි 19, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසිදු බලවේගයකට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොදෙන බවයි.

“අප රණවිරුවන් විසින් සිදු කරන ලද දැවැන්ත පරිත්‍යාගයන් තුළින් දිනාගත් සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාව තුළ සදාකාලික සාමයක් පවතින බව අපි අපගේ අනාගත පරපුරට සහතික කරමු.” විජයග්‍රාහී දින සැමරුම වෙනුවෙන් අද දින පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසීය.

වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය 2009 මැයි 19 වන දින අවසන් කිරීමෙන් පසු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් සිදුවන තුරු කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් රට තුළ සිදුවීමට ඉඩ නොතබා සාමකාමී වාතාවරණයක් මෙරට තුල පවත්වා ගෙන ගියේය.

ජාතියට ජයග්‍රහණය ගෙන එන්නට කැපවීමෙන් ක්‍රියාකළ අපගේ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිර්භීත සොල්දාදුවන්  29,000 කට වැඩි පිරිසකට ජීවිත පරිත්‍යාග කිරීමට සිදු වූ අතර, ආරක්ෂක හමුදා සාමාජිකයින් 60,000 කට අධික සංඛ්‍යාවක් බරපතල තුවාල ලබා ඇති අතරම, 14,000 කට අධික රණවිරුවන් පිරිසක් රෝද පුටු හා ඇඳන් වලට සීමා වී ඇත.

එල්ටීටීඊය විනාශකිරීමේ අවසන් සටනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් ගුණරත්න, සොල්දාදුවන් විසින් සිදු කරන ලද පරිත්‍යාගයන් පිලිබදව සිහිපත් කරමින් පවසා  සිටියේ වසර 2 යි මාස 10 කට ආසන්න කාලයක් පැවති වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී  5,900 කට ආසන්න හමුදා සෙබළුන් ප්‍රමාණයක් සිය ජීවිත පරිත්‍යාග කළ අතර 29,000 කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව අදටත් බරපතල ආබාධ සහිතව ජීවත් වන බවයි.

“යුද හමුදා සෙබළුන් පමණක් නොව, නැවියන්, ගුවන් භටයින්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් ද දරුණු තුවාල ලබා  ජීවිත අහිමි කරගනිමින්   රටට සාමය ගෙන ඒම සඳහා ඔවුන්ගේ ඊයේ දිනයන් කැප කර ඇත.” යයි පැවසු ඔහු  ජාතියක් වශයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට කෘතඥතාව පළ කළ යුතු අතර ‘ජයග්‍රාහී දිනයේ’ දී  ඔවුන්ව කෘතවේදීව  සිහිපත් කළ යුතු බවද කියා සිටි .

සාමකාමී අනාගතයක් භුක්ති විඳීම සඳහා ඔවුන්  කළ කැපකිරීම් වෙනුවෙන් රට ඔවුන්ට ණයගැතියි ඔහු පැවසීය.

“දශක තුනක ත්‍රස්තවාදයෙන් ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජීවිත හා අත් පා අහිමි වූ සොල්දාදුවන් කළ කැපකිරීම් තුළින් හැරෙන්න්ට අපි කිසි විටෙකත් සාමය බන්දේසියක  තබා ලබා ගත්තේ නැත”.තම දරුවන් සටනට එවූ සොල්දාදුවන්ගේ  දෙමාපියන්, භාර්යාවන්, දු දරුවන් සහ ගම්වැසියන් විසින් ඔවුන් හට ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලබා දුන් පූර්ණ සහයෝගය හා දිරිගැන්වීම  පැසසුමට ලක් කරමින් ඔහු පැවසීය.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ තමා සහ අනෙකුත් රණවිරුවන්, ඊළඟ පරම්පරාවට සාමකාමීව ජීවත්වීම උදෙසා රට නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ  තාරුණ්‍ය කැප කළ බව මේජර් ජෙනරාල් ගුණරත්න  පැවසීය.

“දැන් එලඹ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු වල යෙදී වගකිව යුතු පුරවැසියන් ලෙස තම යුතුකම් ඉටු කිරීමේ අද දින තරුණ පරම්පරාවේ අවස්ථාවයි” ඔහු පැවසීය.