ඉන්දුනීසියා ගරුඩා ගුවන් සේවය මගින් ශ්‍රී ලාංකිකයන් 110 ක් දිවයිනට

මැයි 21, 2020

ඉන්දුනීසියාවේ සිට එරට  ජාතික ගුවන් සේවයට අයත්  GA 9820 ගුවන් යානය  මගින් මීට ටික වේලාවකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු පැමිණ ඇති බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු රුවන් ප්‍රියදර්ශන  පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට  පැමිණි සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව  විසින් විෂබීජහරණය කළ බව defence.lk වෙත අදහස් දක්වමින් රුවන් ප්‍රියදර්ශන තහවුරු කළේය.