සුළි කුණාටුවට හසු වූ ධීවර යාත්‍රවලට, නාවික හමුදා සමුදුර නෞකාවේ සහාය

මැයි 21, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව අද (21) දින ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කර තිබේ. ඒ මෑතකදී ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්ව ඉන්දුනීසියානු මුහුදට ගසාගෙන ගොස් ඇති බහු දින ධීවර යාත්‍රාවලට සහාය වීම සදහායි.

මසුන් ඇල්ලීම සදහා පිටත්ව ගිය  30 කට අධික බහු දින ධීවර යාත්‍රා ප්‍රමාණයක් අම්පන් සුළි කුණාටුවේ දැඩි බලපෑම හේතුවෙන් මෙලෙස ගසා ගෙන ගොස් ඇති අතර එම යාත්‍රා මේ වන විට ආපසු රට බලා එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව විසින් මෙලෙස යොමු කර ඇති නෞකාව, අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන අතර එමගින්  බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සහ රට පුරා පිහිටි ඔවුන්ගේ ගමනාන්ත වෙත ලගාවීම සඳහා සහය වනු ඇත.