කොරෝනා වෛරස් රෝගීන් 604 දෙනෙකු සුවය ලබයි

මැයි 21, 2020

අද (මැයි 21) දින තවත් වෛරසය ආසාදිත රෝගීන් 20 දෙනෙකු සුවය ලැබීමත්  සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා  වෛරසයෙන් සුව වූ  රෝගීන් සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් ඇත .

දිවයිනේ වාර්තා වී ඇති වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1,030 ක් වන අතර රෝගීන් 417 දෙනෙකු රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබති.

රට තුල මෙතෙක්  වසංගතයට ගොදුරු වීමෙන් මරණයට පත්ව ඇත්තේ පුද්ගලයින් 9 දෙනෙකු පමණි.