ඇදිරි නිතිය උල්ලංඝනය කල පුද්ගලයින් 62000 වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට

මැයි 23, 2020

මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇදිරි නිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 62162 දෙනෙකු සහ රථ වාහන 17,460 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තාවලට අනුව සෙනසුරාදා (මැයි 23)දින උදෑසන  6.00 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවද මෙම කාලය තුළ රථවාහන 138 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති නඩු සංඛ්‍යාව  18,992 කි.