නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කෙරේ

මැයි 29, 2019

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් ඩී එල් සුමංගල ඩයස් මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. නව ගුවන් හමුදාපතිතුමන් අද උදෑසන (මැයි 29) ජනාධිපති නිල නිවසේදී එතුමන් අතින් සිය පත්වීම ලිපිය ලබා ගන්නා ලදී.

එයාර් මාර්ෂල් ඩී එල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වේ.

ගුවන් හමුදා මුලස්ථානයේ අද උදෑසන පැවති චාම් උත්සවයකදී හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති විසින් නව ගුවන්හමුදාපතිවරයා වෙත ගුවන් හමුදාපති ධූරය නිල වශයෙන් බාරදීම සිදුකල බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මේ අතර හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතිගරු ජනාධිපතිතුමන් විසින් ඊයේ (මැයි 28) දින සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් චීෆ් මාර්ෂල් ධූරයට උසස් කර ඇත.