‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව ඉදිකිරීම සඳහා සුභ මොහොතින් පළමු ගඩොල තබයි

මැයි 27, 2020

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව (ඉහළ මණ්ඩපය) ඉදිකිරීම සඳහා පළමු ගඩොල තැබීම සඳුදා (25) දින සිදු විය.   

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මිකා ජයසිංහ හතරැස් කොටුව ඉදිකිරිම සඳහා පළමු ගඩොල් තැබුවේය. මීට වසර කිහිපයකට පෙර ජනාධිපතිතුමන් විසින් ඓතිහාසික අනුරාධපුර රාජධානියේ මෙම තුන්වන විශාලතම ස්ථූපය ඉදිකිරීම ආරම්භ කලේ මියගිය සියලු රණවිරුවන්ට උපහාරයක් වශයෙනි. මේ වන විට ස්ථුපයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක සිදුකරමින් පවතී.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියේ අවසන් අදියර මේ වනවිටත් සිදුවෙමින් පවති.   

මෙම විශේෂ බෞද්ධ ආගමික උත්සවය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, 9 වන ඉංජිනේරු සේවා බලකායේ හා 2 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.