ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නාවිකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වේ

මැයි 28, 2020

පසුගියදා හදුනාගත්  කොරෝනා වෛරසය ආසාදිත නාවිකයා පිළිබදව පැතිර යන ලද පදනම් විරහිත තොරතුරු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි  ගෆූර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි එම නාවිකයා ගිලන් රථ රියදුරෙකු වන අතර මෙම රෝගියා වැලිසර පොකුරේ බවත් පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසන ආකාරයට අනුව, වැලිසර නාවික හමුදා රෝහලේ සමහර තාක්ෂණික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගිලන්රථ රියදුරන් ගෆූර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියේ දැනට නාවික හමුදාව තුල පැතිර යන වෛරස් පොකුරෙන් සහ මහජනතාවගෙන් ඔවුන් වෙන් කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් වූ බැවිනි.

 “ඔවුන් රාජකාරියෙන් තොර අවස්ථාවන්හිදී වැලිසර නාවික පරිශ්‍රයෙන් පිටත ගෆූර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියා” ඔහු පැවසීය.

එම ගිලන් රථ රියදුරු හට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් පසුව, ගොඩනැගිල්ලේ සිටි සියලුම නැවියන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර ඇති බව ලුතිනන් කොමාන්ඩර් සුරියබණ්ඩාර තහවුරු කළේය.