කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 775 ක් ප්‍රතිකාර ලබමින් සිටී

මැයි 29, 2020

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 775 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, පුද්ගලයින් 68 දෙනෙකු නිරීක්‍ෂණයන්ට යටත්ව සිටින බව වාර්තා වේ.

සිකුරාදා (මැයි 29) දින වාර්තාවලට අනුව, මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 745 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, පසුගිය පැය 24 ක කාලය තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 61 දෙනෙකු වාර්තා වීමත් සමඟ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1530 දක්වා ඉහල ගොස් ඇත.