ශ්‍රී ලංකා නාවික හමුදාව ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නැවියන් සඳහා PCR පරීක්ෂණ පවත්වයි

මැයි 29, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව ගෆූර් ගොඩනැගිල්ලේ සිටි දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කල  නැවියන්  පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීම ආරම්භ කර ඇති බව ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මිට සුළු මොහොතකට පෙර defence.lk වෙත පැවසීය.

ආරම්භක අදියරේදීම පළමුව හමුවූ ආසාදිතයින් සඳහා PCR පරීක්ෂණ මේ වන විට සිදුකර ඇති අතර ඉදිරි පැය 24 තුළ ප්‍රතිඵල  ලබා ගත හැකි බව ඔහු පැවසීය.

ගිලන් රථ රියදුරන්ගෙන් එක් අයෙකුහට ඊයේ කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ගොඩනැගිල්ලේ සිටි සියලුම නැවියන් දින 14 ක නිරෝධායනයකට යොමු කර තිබේ.