නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ඇදිරිනීතිය පැනවේ

මැයි 29, 2020

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද (29) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

අත්‍යවශ්‍ය සේවා කටයුතු හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වෙනත් කිසිඳු අයුරකින් ගමනාගමනයේ යෙදීම තහනම් කර ඇත.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය එලෙසින්ම පවතී.