බංග්ලාදේශ මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 27, 2019

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා (HE Mr. Riaz Hamidullah) මැතිතුමන් අද (මැයි 27) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ බංග්ලාදේශ මහකොමසාරිස්තුමන් අතර ද්විපාර්ශවික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

හමුදා සම්බන්ධිකරන නිලධාරි බ්‍රිගේඩියර් ටීජේ කොඩිතුවක්කු මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.