ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තබා පලාගිය සැකකරුවන් සොයා විමර්ශනයන් සිදුකෙරේ

මැයි 30, 2020

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ ඊයේ (29) දින රාත්‍රී 12.20 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අවන්හලකට වෙඩි තබා පලාගොස් ඇති බවත් වෙඩි තැබීමෙන් එම අවන්හලේ විදුරු වලට අලාභ හානි සිදුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න Defence.lk වෙත පැවසීය.   

මීට පෙරද තියුණු ආයුධ රැගත් පිරිසක් පැමිණ මෙම ස්ථානයට හානිකර පලාගොස් ඇත.    

මෙම සිදුවීම සිදු වූ ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ රාජකාරියේ දී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයන් දෙදෙනෙකු සැකකරුවන් වෙඩි තබා පලායන මොහොතේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා 2020.05.29 වන දින සිට වැඩ තහනමට ලක්කර ඇත.   

පොලිස් කණ්ඩායම් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරමින් සිටී.