නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහලට

මැයි 30, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද පස්වන ස්වයංක්‍රීය මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් ඊයේ (29) දින තෙල්දෙණිය මූලික රෝහලට භාර දී තිබේ.  

මාරාන්තික කොරෝනා වෛරසයෙන් පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මීට පෙර නිෂ්පාදනය කරන ලද මෙඩි-මේට් රොබෝවරු රජයේ රෝහල් වෙත භාර දී ඇත.

මෑතකදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් මෙම නව උපකරණය මඟින් රෝගියා වෙත නියමිත ඖෂධ ලබාදීම සිදුකෙරෙන අතරම රෝගීන් සමඟ සියලු භෞතික සම්බන්ධතා ඇති කර ගනී.

යන්ත්‍රය සතුව රෝගියෙකු සමඟ සම්බධවීමට පෙර රෝගියා විෂබිජහරණය කිරීමේ හැකියාවද ඇත.