නිසි ක්‍රියාපටිපාටින් මගහැර ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබද පරීක්ෂණයක්

ජුනි 02, 2020

ජාතික රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලය විසින් නිසි ක්‍රියාපටිපාටින් මගහැර   ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබද පරීක්ෂණයක් සිදු කරන බව පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය නොවන සංවිධාන වල සැක සහිත අරමුදල් ප්‍රභවයන් සහ ව්‍යාපෘති පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්  රාජා ගුණරත්න defence.lk වෙත පැවසීය.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී නිසි ක්‍රියා පටිපාටීන් හා විධිවිධාන මග හැර ඇති බවට සැලකෙන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද ඔහු පැවසීය.