මාලිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කෙරේ

ජුනි 02, 2020

මාලිගාවත්ත ලක්සෙත සෙවන  නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (ජූනි 2) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (ජූනි 1) දින රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුමක් අතරතුර කොටහේන ප්‍රදේශයට ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ රිවෝල්වරයක් ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් හි පදිංචි 31 හැවිරිදි සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු එදිනම සවස වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලදී  අත්අඩංගුවට ගෙන තිබේ.