යුද හමුදා සෙබළුන් තෙල්දෙණිය රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිසංස්කරණය කරයි

ජුනි 02, 2020

ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් විසින් මහනුවර, තෙල්දෙණිය රෝහලේ සාමාන්‍ය වාට්ටු, කොරෝනා වෛරස් ආසාදිතයින් ඇතුලත්කර ගැනීම සඳහා හුදකලා වාට්ටු ලෙස අලුත්වැඩියා කරන ලදි.

මැයි 7 වන දින 111 බලසේනාවේ අධීක්ෂණය යටතේ පල්ලෙකැලේ හි පිහිටි 172 වන ඉංජිනේරු සේවා බලඝණයේ භට පිරිස් මෙම තෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළහ. රෝගීන් 150 දෙනෙකුට පහසුකම් සැලසීමට හැකිවන පරිදි වෙන් කර ඇති මෙම ගොඩනැගිල්ලට ඇඳන් 10 ක් සහිත දැඩි සත්කාර ඒකකයක් ද ඇතුළත් වේ.

අලුත්වැඩියා කරන ලද වාට්ටු 111 බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක විසින් ඉරිදා (මැයි 31) දින නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත භාර දෙන ලදි.