මාළිගාවත්ත වෙඩි තැබීමේ සිදිධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ජුනි 03, 2020

පසුගිය මැයි 30  දින මාළිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණය තුල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව මාළිගාවත්ත පොලිසිය මගින් වැඩි දුර විමර්ශනයේදී අනාවරණය කරගත් කරුණු අනුව සිදුවීමට අනුබල ලබා දුන් සැකකරුවෙකු ඊයේ (02 ) දින රාත්‍රියේදී මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 38 හැවිරිදි ජුම්මා මස්ජිත් පාර , මාළිගාවත්ත, කොළොඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු ජුනි 03 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මිට අමතරව, අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන  මාළිගාවත්ත පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.