සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජුනි 03, 2020

2020.05.29 වන දින අළුයම ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) දින අඟුලාන සහ රත්මලාන යන ප්‍රදේශයන්හිදී ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 26 සහ 36 යන වයස් වල පසුවන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව හෙරොයින් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා අද (ජුනි 03) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරයි.