නව විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුනි 15, 2020

විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි ලෙස රාජකාරී භාරගත් නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසුන්දර අද (ජුනි 15) දින උදෑසන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේදී  හමුවිය.

එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සදහා සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.

බස්නාහිර පළාත (උතුර) භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර ජුනි 10 වන දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී ලෙස පත් කරන ලදී.