යස්මින් සූකා සහ ITJP ට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නීතිමය පියවර ගනී

ජුනි 15, 2020

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවා වත්මන් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් තුවාන්  සලේ, යස්මින් සූකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතිය   වෙත එන්තරවාසියක් යැවීමට පියවර ගෙන තිබේ.

මේජර් ජෙනරාල් සලේගේ නීතිඥවරයා හරහා යවන ලද එන්තරවාසිය, නීතිඥ පසන් වීරසිංහ පවසන පරිදි, 2020 ජුනි 01 වන දින හෝ ඊට ආසන්න කාලයකදී යස්මින් සූකා මහත්මිය සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතිය හි විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් මේජර් ජෙනරාල් සලේට එරෙහිව විවිධ අපහාසාත්මක ප්‍රකාශ කිරීම් ඇතුලත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවයි. මෙම මාධ්‍ය ප්‍රකාශය, සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතියේ   ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිය  හරහා ප්‍රකාශයට පත් කරන බව පැවසේ.

මෙලෙස නිග්‍රහ කිරීම තුලින් මේජර් ජෙනරාල් සලේගේ ජීවිතයට තර්ජනයක් සිදු කල හැකි  විවිධ  අභිමතාර්ථයන් සහිත පාර්ශ්වයන් සදහා සහයක් වී ඇති බව  එන්තරවාසිය අවධාරණය කරයි. තවද, එන්තරවාසියහි මේජර් ජෙනරාල් සලේගේ සම්මාන හා ජයග්‍රහණ සහ එතුලින් ඔහු ලබාගත් කීර්තිය සහ චරිතවත් බව ගැන සඳහන් වේ.

තවද, සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සූකා මහත්මියගේ අපහාසාත්මක ප්‍රකාශ මේජර් ජෙනරාල්ගේ චරිතයට හා කීර්තියට සැලකිය යුතු හානියක් සිදු කර ඇති බව එහි සඳහන් වේ. මේජර් ජෙනරාල්වරයා මේ සදහා  ශ්‍රී ලංකා රුපියල් බිලියනයක  වන්දි මුදලක්  සූකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතිය   මගින් ගෙවන ලෙස ඉල්ලා සිටී.

තවදුරටත් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසත්, සූකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සදහා වන  ජාත්‍යන්තර ව්‍යාපෘතිය   වෙත එන්තරවාසියෙන්  දැනුම් දී ඇති අතර එසේ කිරීමට  අපොහොසත් වුවහොත් සිවිල් සහ අපරාධ  නීතිය යටතේ  ක්‍රියාමාර්ග ගැනීම මේජර් ජෙනරාල් සලේගේ අභිප්‍රායයි .