ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ජුනි 27, 2020

ගංජා කිලෝග්‍රෑම් 10 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අනුරාධපුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු බ්‍රහස්පතින්දා (ජූනි 26) දින අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැටලීම් ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ  බව පොලිසිය පවසයි.