ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

ජුනි 28, 2020

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පැනවූ ඇඳිරි නීතිය අද  (ජුනි 28) දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාර්තු 20 දින සිට ඇඳිරි නීතිය පැනවූ අතර වසංගතයේ තත්වය සහ පැතිරුණු ප්‍රදේශ අනුව වරින් වර එය සංශෝධනය කරන ලදි. වෛරසය පැතිරීම සාර්ථක ලෙස පාලනය කිරීමත් සමඟ අවසාන වශයෙන්, ඇඳිරි නීතිය මධ්‍යම රාත්‍රියේ 12.00 සිට පසුදා අලුයම 4.00 දක්වා පැය හතරකට අඩු කෙරිණි.