පොදු ස්ථාන වල මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 1,214 දෙනෙකු නිරෝධායනයට

ජුනි 29, 2020

මුහුණු ආවරණ නොපැලද පොදු ස්ථාන වල රැදී සිටි පුද්ගලයින් 1,214 දෙනෙකු පොලිසිය විසින් සති දෙකක නිරෝධායනය සදහා යොමු කර ඇත.

පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය සහ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් සති අන්තයේ දී බස්නාහිර පළාත තුල  විශේෂ මෙහෙයුමක් සිදු කළේය.

මීට අමතරව, කොරෝනා වෛරස් වසංගතය වෙනුවෙන් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7,000 කට ආසන්න පිරිසකට අවවාද කර ඇති බව පොලීසිය පවසයි.