මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු මත්තල ගුවන් තොටුපොළට පැමිණේ

ජුනි 29, 2020

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු අද (ජුනි 29) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ගුවන් තොටුපොළ නිලධාරීන්ට අනුව මෙරටට පැමිණි පුද්ගලයින් වසංගත තත්වය නිසා මාලදිවයිනේ අතරමංව සිට ඇත.

ඔවුන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතය.