ගිනි අවියක් සමග තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

ජුනි 30, 2020

නුවරඑළිය ගල්පාලම හංදියේදී බොර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21 හා 26 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අද දින (ජුනි 30) නුවරඑළිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සිදු කල සෝදිසි කිරීමේ මෙහෙයුමකදී ගල්පාලම හංදියේදී ත්‍රීරෝද රථයක තිබී මෙම ගිනි අවිය සහ උණ්ඩ 7 ක් ඊයේ සොයාගත් බව පොලිසිය පවසයි.

නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.