රාජකාරියෙන් ඔබ්බට යමින් සිදුකල විශිෂ්ඨ සේවය

ජුලි 10, 2020

ලුතිතන් කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ

පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ජුනි 26 වන දින ඔවුන් රාජකාරියේ යෙදී නොසිටි අවස්ථාවකදී සිදුකල මෙහෙවර අගය කරමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් උපහාර හා මුදල් ත්‍යාග පිරිනමා ඇත.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක (ප්‍ර.පො.ප.) රුවන් ප්‍රනාන්දු, පොලිස් පරීක්‍ෂක (ප්‍ර.පො.) වරුණි බෝගහවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන සෙල්වරාජ් කාන්තරූබන්, පී.ජී.එම්.පී. කරුණාතිලක, ඒ.ඒ.එස්.ඩි යොමාල් (මියගිය) සහ ජාතික රෝහලේ සේවයේ යෙදී සිටි ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.පී. ප්‍රනාන්දු විසින් සිදු කල නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් මෙසේ ගෞරවයට පාත්‍ර විය.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු තලවකැලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරයි.

ඉහළ කොත්මලේ ජලාශයට පනිනු ලැබූ තරුණියක් තම දිවි පරදුවට තබමින් බේරා ගත් දිනය පිලිබඳව සිහිපත් කරමින් ප්‍ර.පො.ප. රුවන් පැවසුවේ ඔහුට ජීවිතයක් බේරා ගැනීමට හැකි වීම පිලිබඳව තමා සතුටු වන බවයි.

 

මේ වන විට බණ්ඩාරවෙල පදිංචි දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වන ප්‍ර.පො.ප. රුවන්ගේ මුල් පදිංචිය වන්නේ අම්පාර ප්‍රදේශයයි.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු

ප්‍ර.පො.ප. ප්‍රනාන්දු සිය වසර 30 ක් වන පොලිස් සේවා කාලය තුළ යාපනය, ත්‍රිකුණාමලය, බුත්තල, තිරුක්කෝවිල්, හම්බෙගමුව සහ බණ්ඩාරවෙල ආදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.

ඔහු වර්ෂ 2007 සිට 2009 දක්වා හයිටි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි යෙදී සිට ඇත.

ප්‍ර.පො.ප. රුවන් වෙත මැයි 31 වන ඉරිදා ඉහළ කොත්මලේ ජලාශයට පනින ලද තරුණියක් පිලිබඳව දුරකථන ඇමතුමක් ලැබී ඇත.

“ඉහළ කොත්මලේ ජලාශයේ ගැඹුර අඩි 60 ක් 70 ක් පමණ වන අතර එහිදී කෙනෙකු දිවි බේරා ගැනීම අහම්බයක් වනවා”, සියදිවි නසා ගැනීමට තැත් කරන්නන් හට මෙම ස්ථානය මාරාන්තික ස්ථානයක් බවට පත්ව තිබෙන බව ප්‍ර.පො.ප. රුවන් ප්‍රකාශ කළේය.

“මා පොලිස් කොස්තාපල් කාන්තරූබන් සමඟ එම ස්ථානයට පැමිණෙන විට ඇය බේරා ගැනීමට උත්සාහ කළ තරුණයෙක් අවාසනාවන්ත ලෙස ජලාශයේ අතුරුදහන් වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. පසුව ඔහු 32 හැවිරිදි දරු දෙදෙනෙකුගේ පියෙකු වන නෙවිල් ෂබ්ඩීන් රිස්වාන් සහ ලෙස හඳුනා ගනු ලැබුවා” ප්‍ර.පො.ප. රුවන් පැවසීය.

“ඇසින් දුටු සාක්‍ෂිකරුවන් පවසා සිටියේ වරක් රිස්වාන් කාන්තාව වෙතට පිහිනා ඇයව අල්ලා ගත් බවත් කාන්තාව සිය ජීවිතය බේරාගැනීම සඳහා දැඩි අරගලයක යෙදී සිටියදී ඔවුන් දෙදෙනාම අතුරුදහන් වූ බවයි” ඔහු පැවසීය.

ජීවිතය බේරා ගැනීම සඳහා අරගල කරමින් සිටින ඇයගේ ජීවිතය තවත් සුලු මොහොතකින් අහිමි වන බව අවබෝධ කරගත් ප්‍ර.පො.ප. රුවන් ඇය දියේ සැඟවා යාමට මොහොතකට පෙර  වතුරට පැන අඩි 80 ක් පමණ දුර සිට කාන්තාව දෙසට වේගයෙන් පිහිනා ඇත.

තම ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කාන්තාව බේරා ගැනීම සඳහා පිහිනනු දුටු පොලිස් කොස්තාපල් කාන්තරූබන් තේරුම් ගත්තේ තම උසස් නිලධාරියාට තම ජීවිතය වෙනුවෙන් අරගල කරන කාන්තාව වෙත ළඟා වීමට සිය සහාය අවශ්‍ය වන බවයි.

 

“මම පළපුරුදු පිහිනුම්කරුවෙකුවත් ජීවිතාරක්‍ෂක පාඨමාලාවක්ද හදාරපු කෙනෙක් වත් නෙවෙයි” යනුවෙන් ප්‍ර.පො.ප. රුවන් පැවසීය.

 

“ජීවිතයක් බේරා ගත හැකි බවට මට විශ්වාසයක් තිබුණු නිසා මම කාන්තාව බේරා ගැනීමට කටයුතු කළා” යැයි.”, ප්‍ර.පො.ප. රුවන් වැඩිදුරටත් පැවසීය.

 

ප්‍ර.පො.ප. රුවන් ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් කාන්තරූබන් යන දෙදෙනා කාන්තාව ආරක්‍ෂිතව ජලයෙන් ගොඩට ගෙන ඒමට කටයුතු කරන ලදි.

පොලිස් කොස්තාපල් සෙල්වරාජ් කාන්තරූබන්

2020 ජුනි 9 වන දින පොලිස් පරීක්‍ෂක වරුණි බොගහවත්ත  ජාතික රෝහල අසලින් යමින් සිටියදී, අතේ පාර්සලයක් සමඟ පාර දිගේ කලබලයෙන් යමින් සිටි පුද්ගලයෙකු තුලින් යම් සැකකටයුතු හැසිරීමක් දක්නට ලැබී ඇත. ඔහු පසුපස තවත් පුද්ගලයින් තිදෙනෙකු ලුහුබඳින බව ද ඇය දැක ඇත.

 

හදිසියේම සැකකරු එම ස්ථානයෙන් පලා යාම සඳහා ත්‍රීවිලරයක ගොඩ විය. 

 

වැරදිකරුවන් හඳුනා ගැනීම පිළිබඳ පුහුණුව ලත් පළපුරුදු පොලිස් පරීක්‍ෂක වරුණි, සැකකරු නැවැත්වීම සඳහා තමාට යමක් කළ යුතු බව වටහා ගෙන තම වාහනය පදවාගෙන ගොස් ඔහුට පලායෑමට ඇති අවස්ථාව අවහිර කරන ලදි.

 

සැකකරු ලුහුබැඳ යමින් සිටි පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම සහ පොලිස් කොස්තාපල් පී.ජි.එම්.පී කරුණාතිලක සමඟ ජාතික රෝහලේ ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.පී. ප්‍රනාන්දු එම ස්ථානයට පැමිණ තිබේ.

IP Varuni

 

දිවා කාලයේ සිදුවූ මංකොල්ලයක් මැඩපැවැත්වීමට ඔහු දැරූ විශේෂ  කාර්යයෙන් දින දෙකකට පසු, බම්බලපිටියේ සිදුවූ ඛේදනීය මාර්ග අනතුරකින් පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම බරපතල  තුවාල ලබා ජිවිතක්‍ෂයට පත්විය.

සැකකරු සමඟ පොර බැදූ පොලිස් පරීක්‍ෂක වරුණිට ඔවුන් උදව් කළ අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන් බිය ගැන්වීම සඳහා පිස්තෝලයක් එළියට ගෙන ඇත. (මෙය සෙල්ලම් පිස්තෝලයක් ලෙස හඳුනා ගන්නා ලදී) කොළඹ ජාතික රෝහලෙන් කොල්ලකන ලද රු. 7,780,226 ක් සමඟ වෘත්තියෙන් වෛද්‍යවරයකු වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මාතර පදිංචි පොලිස් පරීක්‍ෂක වරුණි 1996 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර ඇය පවසන්නේ එය ඇගේ සිහිනයක් සැබෑ වූ බවයි. ඇගේ පියාද පොලිස් නිලධාරියෙකි. යුද්ධයේ උච්චතම අවස්ථාවන්වලදී  අනුරාධපුර හා මැදවච්චිය ප්‍රදේශවල සේවය කළ මතකයන් ඇය සිහිපත් කළාය.

ඇයගේ වෘත්තීය ජීවිතය තුළ අතිශයින්ම අභියෝගාත්මක හා බියකරු අවස්ථා බොහොමයකට මුහුණ දී පරීක්‍ෂණ විසඳා ඇති බව පොලිස් පරීක්‍ෂක වරුණි පැවසුවාය. මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සේවය කළ කාලය තුළ ඇයගේ විශිෂ්ට සේවය  වෙනුවෙන් ඇයට සම්මාන රාශියක් ලැබී තිබේ.

අද සමාජයට අත්‍යවශ්‍ය, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ප්‍රනාන්දු , පොලිස් පරීක්‍ෂක වරුණි බොගහවත්ත වැනි නිලධාරීන් අප අතර සිටීම වාසනාවකි.