නැමීබියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්තුමන් හමුවේ

ජුලි 17, 2019

නවදිල්ලි නුවර පිහිටි නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ටයිටස් සයිමන් මහතා අද (ජූලි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ නැමීබියා ආරක්‍ෂක උපදේශක අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවති අතර එම අවස්ථාව සමරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.