ඉන්දියානු නව ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුලි 28, 2020

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නවතමයෙන් පත්වීම් ලද ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් අද දින (ජූලි 28) උදෑසන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

කපිතාන් විකාස් සූඩ් මෙම තනතුරට පත්වීමට පෙර කපිතාන් අශෝක් රාඕ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් කපිතාන් විකාස් සූඩ් සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂාව පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවද පැවසීය.

කපිතන් විකාස් සූඩ් සබ්මැරීන්නාශක යුද විශේෂඥයෙකු වන අතර ඛාඩක්වස්ලා ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ ආදි විද්‍යාර්ථියෙකි.

ආරක්ෂක උපදේශක ලෙස පත්වීමට පෙර කපිතාන් සූඩ් ගුවන් යානා ප්‍රවාහක ඉන්දියානු නාවික නෞකාවක් වන වික්‍රමාදිත්‍ය නෞකාවේ විධායක නිලධාරී ඇතුළු විවිධ මාණ්ඩලික සහ මෙහෙයුම්හි තනතුරුද  ලෙසද  සේවය කර ඇත.

මෙම අවස්ථාව සිහිවනු වස් දෙපාර්ශවය අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.