මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් නාවික හමුදා භාරයට

ජුලි 30, 2020

මන්නාරම වෙරළ තීරයේ ගෝනි 20 ක අසුරා තිබු කහ කිලෝග්‍රෑම් 1,000 ක් සමඟ සැකකරුවෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් සහ ඔහු ලඟ තිබු ගෝනි පරික්ෂා කල මන්නාරම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා සාමාජිකයින් විසින් කහ ජාවාරමට සම්බන්ධ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කහ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති අතර සැකකරු දින 14 ක ස්වයං නිරෝධායනයට ලක් කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත ඉදිරිපත් කර ඇත.