බූස්ස සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 21 පිටව යයි

ජුලි 30, 2020

පසුගිය දින දෙක තුළ බූස්ස සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය සම්පූර්ණ කළ පුද්ගලයින් 21 දෙනෙකු මෙම මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව බූස්ස පිහිටි නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පුද්ගලයින් 15 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් හය දෙනෙකු කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මේ අතර, තවත් පුද්ගලයින් 79 දෙනෙකු තවමත් නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන  නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින්  සිටින බව නාවික හමුදාව පවසයි.