රජය දැඩි නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් මිනිසා විසින් සිදුකරන තර්ජන මැඩපවත්වයි - ආරක්‍ෂක ලේකම්

ජුලි 31, 2020

ස්වාභාවික විපත් අවම කිරීම දුෂ්කර වුවත්, මෑත අතීතයේ දී දැඩි නීති බලාත්මක කිරීමේ ක්‍රමවේද මගින් මිනිසා විසින් සිදුකරන ලබන තර්ජන මැඩපැවැත්වීම සඳහා රජය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  පැවසීය.

“නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම මගින් මෑත අතීතයේදී නීති විරෝධී ක්‍රියාකාරකම් විශාල වශයෙන් කළමනාකරණය කිරීමට රටට හැකි වුනා“ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති වැඩමුළුවේදී ඔහු පැවසීය.  

තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ‘තිරසාර සංවර්ධන උපාය මාර්ග ප්‍රවාහගත කල රාජ්‍ය සේවා සැපයිමේ උපාය මාර්ග’ පිළිබඳ වැඩමුළුව අද අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.  

“තිරසාර සංවර්ධන අරමුණු යන්නෙන් අදහස් කරන්නේ තම ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට නීතියේ ආධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන, සෑම කාන්තාවක් හා ගැහැණු ළමයෙක් සඳහාම ආරක්‍ෂිත පරිසරයක් මෙන්ම සෑම දරුවෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව වාසය සඳහා සුදුසු රටකි. මෙය ජාතික ආරක්‍ෂාවට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදී ඇති රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යාංශයේ න්‍යාය පත්‍රයේ අංගයක්” බව ඔහු පැවසීය.  

දේශගුණික විපර්යාස, දේශසීමා පාරිසරික හානිය හා සම්පත් ක්‍ෂය වීම, බෝවන රෝග, ස්වාභාවික විපත්, ආහාර හිඟය වැනි දේ පවා ස්වාභාවික තර්ජන ලෙස සැලකිය හැකි බව ඔහු පැවසු අතර, මිනිසා විසින් සිදුකරන නීති විරෝධී සංක්‍රමණය, තුවක්කු ජාවාරම, මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සුළු, මධ්‍යම හා ඉහළ තීව්‍රතාවන් යුත් ගැටුම් වැනි තර්ජන සඳහා ද රජයන් මැදිහත් වීම අවශ්‍ය අංග බව පැවසීය.   

“රජයේ නිලධාරීන් වන අප, අපට හැකි සියලු ප්‍රවේශයන් මගින් ජාතික ප්‍රතිපත්ති රාමුවට අපගේ පූර්ණ සහයෝගය ලබාදීම අප සතු වගකීමක් වෙනවා. ඒ සඳහා අපහට ඇති අවස්ථා හඳුනා ගැනීම සඳහා මෙන්ම මිනිසුන්ට සහ ලෝකයට සාමය සහ සමෘද්ධිය ලබාදීම සඳහා සැලැස්මක් සපයන තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුය.” ඔහු පැවසුවේය.  

පරිසරය ආරක්‍ෂා කිරීම, සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නය කෙරෙහි ශ්‍රී ලංකාව සෑම විටම කැපවී ක්‍රියාකළ බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.   

තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය මගින් 2016 ජනවාරි මස 01 වන දින සිට ඇරඹි වසර 15 ක කාලයක් තුළ තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් සහ ඊට සම්බන්ධ ඉලක්ක 169 ක් සපුරා ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටී.   

සාමූහික ක්‍රියාකාරකම් සඳහා සියලු රටවල් සහ සියලු පාර්ශවකරුවන් විසින් සහයෝගයෙන් හා හවුල් කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වන පොදු රාමුවක් මෙමගින් සපයයි.   

සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන ප්‍රතිපත්ති දහයෙහි, 2030 න්‍යාය පත්‍රයේ ඉස්මතු කර ඇති අංශ කිහිපයක් අඩංගු වන අතර, වඩාත් සාමකාමී සහ සපිරි රටක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රතිඥා දී තිබේ.   

මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ සාමකාමී, සාධාරණ, සියල්ලන්ටම සමානාත්මතාවයෙන් යුත් සංවර්ධනයක් ළඟා කර ගැනීමේ ගෝලීය න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමඟ හොඳින් ගැලපෙන බවයි.