කොරොනා අසාදිතයින් 2,439 ක් සුවය ලබා රෝහල් වලින් පිටවේ

අගෝස්තු 01, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව, පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, කොරෝනා වෛරසය අසාදිතයින් සංඛ්‍යාව 2,439 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 23 දෙනෙකු, වැලිකන්ද රෝහලෙන් 4 දෙනෙකු, මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙකු, කාත්තන්කුඩි රෝහලෙන් 10 දෙනෙකු, පනාගොඩ යුද්ධ හමුදා රෝහලෙන් එක් අයෙකු සහ බෝවන රෝග විද්‍යායතනයෙන් 9 දෙනෙකු පිටව ගොස් ඇත.   

මේ අතර, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය අසාදිතයින් 2,815 ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 11 දෙනෙකි.   

කොරෝනා වෛරසය අසාදිත පුද්ගලයින් 365 දෙනෙකු රෝහල්හි වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.