වැලිකඩ බන්ධනාගාරයේ අඩි 15 ක නව වැටක් කඩිනමින් ඉදිකිරීමට කටයුතු කෙරේ

අගෝස්තු 08, 2020

වැලිකඩ බන්ධනාගාරයේ අඩි 15 ක් උස නව ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් අනවසර ද්‍රව්‍ය විසිකිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පරිපාලන) චන්දන ඒකනායක පවසන ලදි.

“නීතිවිරෝධී බඩුබාහිරාදිය, ජංගම දුරකථන සහ උපාංග කාලයක් තිස්සේ බන්ධනාගාර කාන්තා අංශයට නිරන්තරයෙන් විසි කරනවා”, ඔහු පැවසීය.